Features

නව වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ දරුවන් පාසල් කැඳවීම පෙබරවාරි මස දෙවැනි සතිය දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයන් පොළොන්නරුව සහ සීගිරිය සංචාරක ව්‍යාපෘතියේ ස්ථාන කිහිපයක අද (4 වැනිදා) සහ හෙට (5 වැනිදා) සංචාරයක නිරත වන බැවින්, එම ස්ථාන දේශීය සංචාරකයන් සඳහා විවෘත නොකරන වේලාවන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත්කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත්කර තිබේ.

විදේශීය සංචාරකයින්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ නිළවශයෙන් පසුගියදා මෙරට ගුවන්තොටුපළ විවෘත කෙරිණි. ඒ අනුව මාස නවයක කාලයකින් අනතුරුව මෙරටට පැමිණි පළමු විදෙස් සංචාරක කණ්ඩායම වූයේ පසුගිය දැසැම්බර් මස 28 වනදා "PQ 555" දරණ "SKY UP" ගුවන් යානයෙන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් 186 දෙනෙකි.

මව්පියන් මුහුණදී ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් මෙම වසරට අදාළව සිසුන්ගෙන් පාසල් පහසුකම් ගාස්තු අය නොකරන්නැයි ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා.

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් ඊට අදාළ විශේෂඥයන් සාමුහික තීරණයකට එළැඹ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ නෙත් නිවුස් වෙත කියාසිටියේ එම තීරණය ගත යුත්තේ විද්‍යාත්මක පදනමක් මත පමණක් බවයි.

විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීම හරහා කොරෝනා පොකුරු ව්‍යාප්තවීම වැළැක්වීම සදහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග දැනටමත් කි‍්‍රයාවට නංවා ඇති බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ මෙම මාසය තුළ සංචාරකයන්ට මෙරටට පැමිණීමට අවස්ථාව සලසන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රටේ විවිධ ක්ෂේත්‍රයන් නියාමනයට ලක්කරන ආයතන සිය කටයුතු වලට බාධාවක් බැවින් එම ආයතන සතු බලතල සංශෝධනයට ලක්කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක සඳහන් වේ.

නව වසරේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ දී මහ ලේකම් ධුරය පමණක් වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

සෙනසුරාදා, 02 ජනවාරි 2021 13:05

උපකාරක පන්ති ඇරඹීමට සුදානමක්

පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමෙන් පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

336 x 200 Sinhala

Features

සැබෑ නිදහස

ජනවාරි 10 2021
Image

Stats

There are 29038 listings, 909 categories and 102 owners in our website