Features

සමාජ මාධ්‍ය ජාලයේ අතොරක් නැතිව සැරිසැරීම යොවුන් වියේ පසුවන්නන්ගේ නින්ද කෙරෙහි සහ ව්‍යායාම සඳහා කාලය අහිමි වීමෙන් ශාරීරික සෞඛ්‍යය කෙරෙහි අහිතකර බලපෑමක් ඇතිකළ හැකි බව සමීක්‍ෂණයකින් හෙළි වී ඇත.

රට දැය සමය වැනසීමට ලක්වේ නම් ඊට පුනර්ජීවනයක් ලබාදීමට පහල වන ගැලවුම්කරුවකු පිළිබඳ ගුප්ත විශ්වාසයක් අප ජන සමාජයේ මුල් බැසගෙන තිබේ. ජන සම්මතයට අනුව ඔහු හැඳින්වෙනුයේ ‘දියසේන කුමාරයා’ යනුවෙනි. විශේෂයෙන් බුදු සසුනේ පිරිහීම් ලක්ෂණ දුටු විට අදත් වැඩිහිටියෝ එය මුළුමනින් දුරලිය හැකි මෙම ‘දියසේන ඇබෑර්තුව’ පිළිබඳව කතාබස් කරති.

චීනයේ දේශීය වෙදකමට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි. බටහිර වෙදකම පසෙකලා චීන පුරවැසියන් බෙහෙවින් හුරු වී ඇත්තේ ආයුර්වේද ප්‍රතිකර්මවලටය. අප එම රටට ගියවිට ද හදිසි ප්‍රතිකර්ම ලබා ගැනීමට ඔවුහු අප පොළඹවනු ලබන්නේ ද දේශීය ආයුර්වේද වෙදකම කෙරෙහිය. රෝග සුව වීමට කෙටි කලක් ගතවුවද ඇතැම් බටහිර ඖෂධවලට සුව කළ නොහැකි ඇතැම් රෝග සුව කිරීමේ මහා බලයක් දේශීය ආයුර්වේදයට තිබේ.

"දැන් අපි පාරට වැටිලා ඉවරයි . මේ සියල්ල සිද්ධ වුණේ පෝට් සිටිය නිසයි .අපේ ගෙවල් මුහුදුබත් වුණා. කිසි කෙනෙක් බලන්න ආවේ නැහැ" යැයි මීගමුව පිටිපන වෙරළකන්ද ග්‍රාමයේ දිවි ගෙවන ජේසිකා බර්නදෙත් පවසන්නීය.

තරුණ තරුණියන් ඇතුළු විවිධ කණ්ඩායම් කලක සිට සමාජ මාධ්‍ය ඔස්සේ පරිසරය පිරිසිදු කිරීම අභියෝගයක් ලෙස සලකමින් (CLEANING CHALENGE) එය සමාජ හිතකාමී තරගයක් බවට පත්කර ගෙන තිබේ.

"ජ්‍යෙෂ්ඨ උත්තමයෝ කියා ගන්නා අය අපිට නවක වදය දෙන පළවෙනි දවසෙ ම නොසෑහෙන්න කුණුහරුපෙන් බැන්නා. ඒ වචන ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් ඒවා නෙමෙයි. ගෑණු ළමයින්ට බිමට නැමිලා, කකුල් නවාගෙන තාරාවෝ වගේ ඇවිදින්න කිව්වා සෑහෙන වෙලාවක්," මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ (NDT) ශිෂ්‍යාවක් බීබීසී සිංහල සේවයට පැවසීය.

සමාජ මාධ්‍ය ජාලයේ සංවාදයට ලක් වෙමින් ඇති වයෝවෘද්ධ 'ටිකිරි' ඇතින්න මහනුවර ශ්‍රී දළදා මාළිගය පරිශ්‍රයේ පිහිටි විෂ්ණු දේවාල භූමියේ ඇද වැටී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් පරස්පර අදහස් පළ වෙමින් ඇත.

මුලතිව් 'සෙන්චෝලෙයි' ළමා නිවාසයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර යුක්තිය ඉටු කරන ලෙස එම ප්‍රහාරයෙන් මරණයට පත් දැරියන්ගේ දෙමව්පියෝ ඉල්ලා සිටිති.

සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වන 'ටිකිරි' වයෝවෘද්ධ ඇතින්න දළදා මාලිගයේ විෂ්ණු දේවාලයේ පෙරහැරට යොදා ගනු ලැබුවේ ඇයගේ රෝගී තත්ත්වය සුවකර දෙන ලෙස ඉල්ලා කළ භාරය ඔප්පු කිරීම සඳහා යැයි හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

පාර්ලිමේන්තුවේ කාරක සභාවල කටයුතු මාධ්‍යයට විවෘත කරවා ගැනීමට අදාළ කටයුතු සිදු කරමින් සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම මාධ්‍යයට විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය ඇගයුමට ලක් කරයි.

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website