Features

අම්පාර දිස්ත්‍රික්කයට අයත්, ලාහුගල, ‘නීලගිරි සෑයේ’ පුරාවිද්‍යා කැණීම් ආරම්භ වූයේ 2011දීය. එහිදී මැටි, රන්, පළිඟු සහ වෙනත් ලෝහ කරඬු 400ක් පමණ සොයා ගැනුණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් ව්‍යාපෘතියකින් ‘කරඬු’ මේ තරම් සංඛ්‍යාවක් හමු වූයේ මුල්වරට ය. පුරාවිද්‍යාඥයන් ‘කරඬු’ නමින් හැඳින් වුව ද, බෞද්ධාගමික ව්‍යවහාරයේ දී ඒවා ‘සධාතුක කරඬු’ හෝ ‘ධාතු කරඬු’ බවට පත් වේ. එහි තේරුම, ඒවායෙහි බුදුරජාණන් වහන්සේගේ හෝ මහ රහතන් වහන්සේගේ ‘ධාතු’ තැන්පත්කර තිබේ ය, යන්නයි. බෞද්ධාගමික ව්‍යවහාරයේ දී බොහොමයක් කරඬුවල වැඩ සිටින්නේ ‘සර්වඥ ධාතූන් වහන්සේ’ය.

බලය මාරුවීමත් සමග අමාත්‍යංශ ලේකම් ධුර, සංස්ථා සභාපති ධුර ඇතුළු දේශපාලන පත්වීම්වල සිදුවන වෙනස්කම් ශ්‍රී ලාංකිකයන්ට අලුත් අත්දැකීමක් නොවේ.

බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 07:41

චාල්ස් කුමාරයා වෙනුවෙන් කළු සල්ලි සුදු කළහැටි

එය අතිශයින්ම පෞද්ගලිකවූත්, සුහදශීලීවූත් ප්‍රිය සාදයක් විය. බ්‍රිතාන්‍යයේ පිහිටි පෞරාණික වදැගත්කමකින් යුතු ඩම්ෆ්‍රීස් මන්දිරයේ පැවති මෙම සාදයේ සත්කාරකවරයා වූයේ බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන්නට සිටින වේල්සයේ චාල්ස් කුමරුය. සාදයේ අරමුණ වුණේ ණය බරින් මිරිකී තිබුණු චාල්ස් කුමරුගේ එක්තරා පුණ්‍යාතන පදනමක් ඉන් නිදහස් කරන්නට නොමසුරුව මුදල් ලබාදුන් පරිත්‍යාගශීලීන්ට කෘතගුණ දැක්වීමයි. නමුත් මේ පරිත්‍යාගශීලීන් ප්‍රකට කළ නිර්ලෝභීත්වය අවංක චේතනාවෙන් සිදුකරන ලද්දක්ද යන්නට කසුකුසු නැඟෙන්නට වැඩි කලක් ගියේ නැත. 2014 වසරේදි පැවති මෙම සාදයේ නොදත් පැතිකඩක් ගැන තතු හෙළිවන්නට ගත්තේ මෑතකදීය.

"අම්මා, තාත්තා, පුතා, දුව එකට ඉඳලා කතා කරන්න බැරි ඒවා නොමිලේ දෙනවා තරම් පල්ලෙහාට වැටුණු මිනිහෙක් බවට පත් වෙලා."

මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට එරෙහිව කොළඹ වෑකන්ද ප්‍රදේශයේ වාමාංශික රැස්වීමකි.

බදාදා, 06 නොවැම්බර් 2019 10:35

සර්පයෙක් දුටු ගමන් මරන්නෙ ඇයි

ලංකාවේ සර්ප දෂ්ටන අතර වැඩිපුරම වාර්තා වෙන්නේ කුණකටුවා දෂ්ට කළ අවස්ථා ගැනයි.

අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 10:53

MCC ගිවිසුම ශ්‍රී ලංකාවට වාසි ද අවාසි ද?

සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළෙහි ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.

අදින් වසර දහයකට පෙර අපේ රටේ යුද්ධයක් තිබුණේය. අවුරුදු තිහක් තිස්සේ ඇවිලෙමින් තිබූ ඒ යුද්ධයේ සාපයට හසුවූ මිනිසුන් සැවොම ජීවත් වූයේ බියෙන් සැකෙනි. මගට බැස්සේ ජීවිත අවිනිශ්චිතතාවයෙනි. ඒත් උතුරේ සටන් දරුණුවටම ඇවිලෙමින් තිබූ දෙදහස් හය වසරේ සිට යුද්ධය අවසන්වනතුරු මැදවච්චිය පසුකර කැබිතිගොල්ලෑවට, අරිසිමලේට සහ පදවියට සඳලංකාවේ සිට මසකට වරක් අවුරුදු තුනක් මෝටර් සයිකලයක් පැදගෙන ගිය මිනිසෙක් සිටියේය. ඔහු නමින් රංජිත් රත්නායකයි. එදා රංජිත් බයිසිකලය පැද ගියේ තනිව නොවේ. බරට බරේ බෙහෙත් නෙල්ලි ගෝනි දෙකකුත් අරගෙනය. ඔහු බෙහෙත් නෙල්ලි මෝටර් බයිසිකලයේ බැඳගෙන ඒ ගියේ වෙළඳාමකට නොවේ. එදා ගිනි අවිය අතදරා නිදිවරමින් බංකරයට වී මව්බිම රැකි වීරෝදාර හමුදා සෙබළුන්ට හපමින් සිටින්නට නෙල්ලි දෙන්නටයි.

සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 11:55

අල් බග්දාදි ගියා

මෙහෙයුම නිමාකර විනාඩි කිහිපයක් ගතවනවිටම ජනාධිපති ට්‍රම්ප්, යුද හමුදා සාජන්ට් මැතිව් විලියම්ස්ට ගෞරව පදක්කම් පිරිනැමීය. ‘‘ඔබටත්, ජෙනරල් මැතිව්ටත්, සෙසු පිරිසටත් බොහොම ස්තූතියි. ඔබ විස්මිත කාර්යභාරයක් ඉටු කළා.’’ යනුවෙන් ඔහු පවසා තිබිණි. ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් වෙතද ජනාධිපතිවරයාගේ විශේෂ ස්තූතිය හිමිවිය.

ශ්‍රී ලංකාව තුළ මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළ යමින් පවතී.

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website