Features

ජනාධිපතිවරණ සටනේ දී විවිධ පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන් "කාන්තාවන් සහ පවුල් සංස්ථාව ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ" මෙය, බීබීසී සිංහල සේවය අදහස් විමසූ කාන්තාවන් අතරින් බහුතරයගේ චෝදනාව විණි.

ගලේවාඩිය ධීවර ගම්මානයට පිවිසෙද්දීම මා නෙත ගැටුණේ එහි ගෙපැලි මතින් ඉහළට ඇදෙනා දුම් රොටු ගොන්නකි. රෑ කළුවර ඉහිරෙන්නට වැඩි වේලාවක් නැති බැවින් ඒ රාත්‍රි බත ඉදෙන බව සලකුණකි. එහෙත් ඒ සිතිවිල්ල ඊළඟ මොහොතේ වෙනස් වූයේ දුම් ගැහෙන කරවල කූරියකු සිහිවීමෙනි. ගලේවාඩිය හෙවත් ශාන්ත අන්තෝනි ධීවර ගම්මානයේ දුම් රොටු ඉහළ නගින්නේ බත ඉදෙන බව කියන්නට පමණක්ම නොවේ.

ඩිස්නි සිනමා තාරකාවක් ලෙස කලක් තිරයේ බැබලුන බෙලා තෝර්න්(Bella Thorne) කාම ප්‍රකාශන හුවමාරු කර ගනු ලබන "පෝර්න්හබ්"(Pornhub) අන්තර්ජාල අඩවියේ ඇය කටයුතු කරනු ඇතැයි මේ සතිය මුලදී ප්‍රකාශ කළාය.

සතුන්ට මගේ අකැමැත්තක් නැත. නමුත් උන්ට කන්න දීම, නෑවීම, උන්ගේ කැත කුණු අස් කිරීම ෆුල්ටයිම් ජොබ් එකකි. ඒ නිසා අපේ ගෙදර සත්තු ඇති කිරීමට මම විරුද්ධය. ඒවා මහා කරදර වැඩ බව කීවාට ගෙදර අනික් හතර දෙනාම සත්තුන්ට පිස්සු වැටී ඇත.

2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සියලුදෙනාම නාමයෝජනා සමඟ ඔවුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන භාරදුන් බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

දිනෙන් දින උණුසුම් වන මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය බවට පත් වී තිබේ.

අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2019 07:28

කලාකාරයොත් දේශපාලන සටනේ

පසුගිය 7 වැනිදා මෙරට හත්වන ජනාධිපතිවරයා තෝරාගන්නා මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කාර්යාලය නාම යෝජනා භාර ගැනීමත් සමග රට පුරා මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළ ගියේය. අපේක්ෂකයන් 35 දෙනකු තරග වැදුනද සැබෑම තරගය ප්‍රායෝගිකව ගත් කළ තිබෙන්නෙ අපේක්ෂයකයන් දෙදෙනෙකු අතරය. කතාබහට ලක්වන තුන්වන බලවේගයක්ද වේ යැයි පෙනී යයි.

සදුදා, 14 ඔක්තෝබර් 2019 10:56

ගාන ඇහුවම ගල්වෙන ගල්සියඹලා

වේලාව අලුයම එකයි තිහයි. මේ පිටකොටුවේ කැලෑ මාකට් එකයි. කැලෑ මාකට් එකට මේ නම වැටුණේ ගමේ ගොඩේ සුවදැල්, නෙල්ලි, මාදං, නමිනං ආදියේ සිට ඕන එළවළුවක් පලතුරක් බෙහෙත් නොගහ ගමෙන්ම ගේන නිසාය. රාත්‍රියට පමණක් ඇති මේ කැලෑ මාකට්ටුව විදේශිකයන් අතරද ජනප්‍රියය. අප බලා සිටියදීම සුද්දියක් යම් පලතුරක් ගැන විමසමින් තැනින් තැන ගොස් එක් තැනක නැවතුණාය. ඇය සෙව්වේ Velvet Tamarind නමැති පලතුරයි. විදේශීය කාන්තාව තමන් සෙවූ පලතුර මිලදී ගත්තේ ග්‍රෑම් 100ක් ඩොලරයකටය. රුපියල්වලින් ගෙවීම කරන්න විදේශීය කාන්තාව සතුව මුදල් තිබුණත් පලතුර අලෙවි කළ වට්ටි අම්මා වැනි කාන්තාව ඩොලරය ගෙන තම හැට්ටයේ තිබෙන ලෝකයේ පරණම බැංකුවේ සඟවා ගත්තාය.

සෙනසුරාදා, 12 ඔක්තෝබර් 2019 11:33

බොරුකාරයෙකු හඳුනාගන්නේ මෙහෙමයි

මිනිස්සු බොරු කියති. බොරු කරති. ජීවීන් අතරින් මිනිසා 'බොරුවට' අතිදක්ෂය.

කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට අනුව ඩයස්පෝරා (diaspora) යන්නෙහි අර්ථය, තමන් උපන් රටෙන් බැහැරව වෙනත් රටවල ව්‍යාප්ත වී සිටින ජන කොටසක් යන්නය. (a group of people who spread from one original country to other countries)

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website