Features

උපවාස කරමින් සිටියදී බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අටවන දිනටත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වේ.

මේ හේතුව නිසා වීරවංශ මහතාට සේලයින් දීම දිගටම සිදු කරන බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

මන්ත්‍රීවරයා මේ වන විට ජලය පමණක් පානය කරන අතර දියර ආහාර පවා කිසිවක් නොගනී.

බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කල වහාම ජාතික රෝහලට මන්ත්‍රීවරයා ගෙන යාම සදහා බන්ධනාගාර නිලධාරීන් සූදානමින් සිටිති.

සෞඛ්‍ය තත්වය පිරිහීලා :

තමාට ඇප ලබා නොදීම නිසා තව දුරටත් බන්ධනාගාරය තුළ උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් එම උපවාසය නතර කරන ලෙස බන්ධනාගාර නිලධාරීන් ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලීම තරයේම ප්‍රතික්‍ෂේප කර ඇත.

විමල් වීරවංශ මහතා මෙම උපවාසයේ යෙදී සිටියහොත් ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී යැමට ඉඩ තිබෙන නිසා උපවාසය නතර කරන ලෙස ඔහුට දැනුම් දුන් බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක්‌ කියා සිටියේය.

උපවාසය කිරීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක්‌ නොලැබෙන බවට බන්ධනාගාර නිලධාරීන් විමල් වීරවංශ මහතාට කරුණු පහදා දුන්නත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බව බන්ධනාගාර ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. (srilankamirror)

ආණ්ඩුවේ බලධාරීන් තම වගකීම් හරි හැටි ඉටු නොකළොත් යම් යම් බරපතළ තීන්දු ගන්නට ජනාධිපතිවරයට සිදුවන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා එබව කීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

''යහපාලන ප්‍රතිපත්තියකට අනුව ආණ්ඩුවක් කරන්න ගත්තා නම් ඒ ප්‍රතිපත්ති රකින්න ඕනෑ. එයට පටහැනිව කටයුතු කරනවා නම් මේ ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමට ජනාධිපතිතුමාගේ විතරක් නෙවේ වගකීම තියෙන්නේ.

ඒක අගමැතිතුමා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයේම මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ හැම දේශපාලන පක්ෂයකම වගකීමක්. සියලු දෙනාටම ඒ වගකීම බෙදිලා යනවා.

ජනතාව කීවේ නැහැ ශ්‍රී ලනිපය ප්‍රමුඛව සන්ධානයටවත් එක්සත් ජාතික පෙරමුණටවත් ආණ්ඩුව භාර දෙන්න කියලා. ජනතාව කීවේ ජනාධිපතිතුමා ගැන විශ්වාසය තියලා රට භාර දෙනවා කියලා.

ඒ අනුව සම්මුතිවාදී ආණ්ඩුව බිහි වුණා.

ආණ්ඩුවේ වගකීම ?

ඒ සම්මුතිවාදී ආණ්ඩුව තුළින් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමයි අපේ යුතුකම, වගකීම වන්නේ. හොඳ ස්ථාවර රටක් ගොඩනැඟීම තමයි සම්මුතිවාදී ආණ්ඩුවේ වගකීම වෙන්න ඕනෑ.

සම්මුතිවාදී ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයට රටේ තියෙන අමාත්‍යාංශ බෙදිලා ගියා. මුදල් අමාත්‍යාංශයේ වැඩ ඒ ඇමැතිවරයාට නිදහසේ කරන්න දුන්නා. අධ්‍යාපන වේවා සෞඛ්‍ය හෝ වේවා ඒ ඒ ඇමැතිවරුන්ට නිදහස දුන්නා. ඇඟිලි ගහන්න ගියේ නැහැ.

නමුත් සියලු වගකීම් දරන්නෙ රට වෙනුවෙන් කියලා හිතලා සමහර විටක ජනාධිපතිතුමාගේ මැදිහත් වීමක් ජනතාව බලාපොරොත්තු වෙනවා..

එතනෝල් ගැන කියමින් අරක්කු සහන :

පෙර පැවැති ආණ්ඩුවට කුඩු, එතනෝල් ගැන චෝදනා නඟමින් බලයට ආපු අයත් අද කරන්නේ බදු සහන මත අරක්කු ස්කාගාර හදන එක නම් බැඳුම්කර වංචා කරන එක නම් ඒවා හරි කියන්න කාටවත් බැහැ.

යහපාලන කිරි කළයට බැඳුම්කර ගොම තලියක් දැමීමෙන් ආණ්ඩුව දූෂිත වූ බවට වැරැදි වැටහීමක් ඇති කර නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව ද ඔහු එහිදී සඳහන් කළේය. (srilankamirror)

වඳවී ගියේ යැයි පැවසූ ‘ටස්මේනියන් කොටි‘ පවුලක් තමා දුටු බව උතුරු ක්වීන්ස්ලන්ඩිහි පුද්ගලයෙකු විසින් අණාවරාණය කර තිබේ.

ක්වීන්ස්ලෑන්ඩිහි සංචාරක ක්‍රිකයකරුවෙකු වන බ්‍රයන් හොබ්ස් පවසන්නේ ටස්මේනියන් කොටි වැනි සත්වයන් කිහිප දෙනෙකු තමා ක්වීන්ස්ලන්ඩ්හි කිසිවෙකු පය නොතබන ප්‍රදේශයක් වන කේප් යොර්ක්හිදි දුටු බවයි

පිරිමි සත්වයෙකු, ගැහුනු සත්වයෙකු හා පැටවුන් දෙදනෙකු ඇතුලු කොටි පවලුක්ම තමා දුටු බව ඔහු විදේස් මාධ්‍ය වෙත පවසා තිබේ.

ටස්මේනියන් කොටි 1930 වසරෙන් පසුව මෙලොවින් වඳවී ගියේ යැයි වාර්තා පළවී තිබුණි. - nethgossip

 

tasmanian_tiger-02.jpg

tasmanian_tiger-03.jpg

tasmanian_tiger-04.jpg

tasmanian_tiger-05.jpg

cape_york_queensland_australia.jpg

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ රුධිර සාම්පලයක්‌ බැහැරට ගෙන ගොස්‌ පෞද්ගලික රසායනාගාරයකින් පරීක්‌ෂා කළේ කෙසේ දැයි සෙවීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශය ඊයේ (27 දා) පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත.

මෙම රුධිර සාම්පලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මඟින් බන්ධනාගාර රෝහලෙන් පිටතට ගෙන යන්න ඇතැයි සැක කරන බව බන්ධනාගාර ඉහළ නිලධාරියෙක්‌ පැවසීය.

බන්ධනාගාර කොමසාරිස්‌ නිශාන් ධනසිංහට ලැබුණු පැමිණිල්ලක්‌ මත මෙම පරීක්‌ෂණය ආරම්භ කර තිබේ.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ඕනෑම රෝගියකුගේ ලේ පරීක්‌ෂාවක්‌ සිදු කෙරෙනුයේ බන්ධනාගාර රෝහලේදී බවත්, රුධිර පරීක්‌ෂාවක්‌ කිරීමට පහසුකම් නොමැති අවස්‌ථාවකදී බන්ධනාගාර කොමසාරිස්‌ හෝ බන්ධනාගාර අධිකාරිවරයාට ඒ පිළිබඳ දැනුම් දී බන්ධනාගාර රියකින් බන්ධනාගාර නිලධාරියකු භාරයේ අදාළ රුධිර සාම්පලය ජාතික රෝහල වෙත යෑවීම නිසි ක්‍රමවේදය බවත් එම නිලධාරියා කියා සිටියේය. -nethgossip

ජාතික බලවේග නියෝජනය කරමින් වෙන් වෙන්ව කටයුතු කරන සියලු බෞද්ධ ආගමික සංවිධාන එක්‌කර වත්මන් ආණ්‌ඩුවට එරෙහි එක්‌ ප්‍රබල බෞද්ධ සංවිධානයක්‌ ස්‌ථාපිත කිරීමට තීරණය කළ බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (27 වැනිදා) පැවසූහ.

මෙය බෞද්ධ සංවිධාන දහයක්‌ පහළොවක්‌ අතර සංවිධාන රැසක එකමුතුවක්‌ බවත් එය උත්සව සමයෙන් පසු එළිදක්‌වන බවත් පැවසූ උන්වහන්සේ මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය ඇතිව මෙහි කටයුතු සිදුකරන බවත් භික්‍ෂුන් වහන්සේලා පන්දහසක්‌ පමණ එක්‌ ස්‌ථානයකට වැඩම කර තීන්දු රැසක්‌ ගන්නා බවත් කියා සිටියහ.

වත්මන් රජයේ රටේ සම්පත් පුද්ගලික අංශයට ලබාදීම, බුද්ධි අංශ දඩයම් කිරීම, රටට එරෙහි ව්‍යවස්‌ථාව ආදියට එරෙහිව එක්‌ බලයක්‌ ගොඩනගන බවත් උන්වහන්සේ කීහ.

මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ එම අදහස්‌ පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදීය. (nethgossip)

දිගින් දිගටම එල්ලවූ මරණිය තර්ජන හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA ) ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු සේවයට නොපැමිණ සැඟවී සිටින බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

තිලකසිරි ගාල්ලගේ නමැති ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වෙත එසේ මරණිය තර්ජන එල්ලවී ඇත්තේ, පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඉඳිකළ මුලටියන - කොටපොල මාර්ගයට අදාළ රුපියල් කෝටි ගණනක් අමතර මුදලක් වංචනික අකාරයෙන් ලබාගැනීමට බලධාරීන් කිහිපදෙනෙකු ගන්නා උත්සාහයට එකඟ නොවීම නිසාය.

තම ජිවිතයට යම් අනතුරක් වුවහොත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානින් ඊට වගකිව යුතුව ඇතැයි ඔහු එම ආයතනයේ ඉංජිනේරු වෘත්තිය සමිතියට මේවනවිට ලිඛිතව ම දැනුම්දී ඇත.

මුලටියන - කොටපොල මාර්ගය ඉඳි කිරීම සඳහා රුපියල් බිලියන 2.2 ක මුදලක් ඇස්තමේන්තු කර තිබී ඇති අතර
කැටික් (CATIC) චීන සමාගම එහි කොන්ත්‍රාත්කරු ලෙසත් ශ්‍රී ලංකාවේ 'මාඝා' ඉංජිනේරු සමගම දේශීය නියෝජිතයා ලෙසත් කටයුතු කර තිබේ.

එහෙත් එම ව්‍යාපෘතියට රුපියල් බිලියන 3.8ක් වැයවී ඇතැයි පවසමින්, රාජපක්ෂ පාලනයේ ප්‍රබලයකුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා අමතර මුදලක් ගැනීමට කටයුතු යොදා තිබුනද රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටීම නිසා එම අසාර්ථකවී ඇත.

කෙසේවුවද එම අමතර ලබාදීම සඳහා ආයතනයේ බලධාරීන් කිහිප දෙනෙකු මෙවන විට බලවත් උත්සහයක් දරමින් සිටින අතර, ඊට අදාල ලිපිවලට අත්සන් කරන්නැයි එම ව්‍යාපෘතිය බාරව සිටි ප්‍රධාන ඉංජිනේරුවාවූ ගාල්ලගේ මහතාට පසුගිය කාලයේ දිගින් දිගටම බලපෑම් එල්ලවී තිබේ.

කුප්‍රකට රාජපක්ෂලාගේ ගාමිණී ?

මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු වන ආර්.එම්. ගාමිණී නමැති අය එසේ බලපෑම් කල ප්‍රධාන පුද්ගලයා ලෙස සැලකේ.

රාජපක්ෂ පාලනයේ සිට අතිශයින් දුෂිත නිලධාරියකු ලෙස සැලකෙන මොහු මේවනවිට යහපාලන ආණ්ඩුවේ බලධාරීන්ටද තම ග්‍රහණයට ගෙන ඇති අතර, චීන සමාගම් හරහා සිදුකෙරෙන අධිවේගී ව්‍යාපෘති සියල්ල තමන් යටතට ගෙන තිබේ.

බලධාරීන්ට චීන කොමිස් මුදල් පමණක් නොව වෙනත් අකාරයෙන් සතුටු කිරීම් ද සිදුකරන මොහු ඒ හරහා මේවනවිට මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ව්‍යපෘති) තනතුර අත්පත් කර ගැනීමට මානබලමින් සිටියි. ඒ ඔහුට වඩා සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 07 දෙනෙකු සිටියදීය.

මහාමාර්ග ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් ලබා දීමේ දී වත්මන් ආණ්ඩුව පෙර පැවති ආණ්ඩුවටත් වඩා අන්ත දූෂිත අන්දමින් ක්‍රියා කරන බව දූෂණ විරෝධී පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දීමෙන් පසුව, මොහු විසින් සිදුකර ඇති වංචා දුෂණ පිළිබඳව ද ජනාධිපති කාර්යාලය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති අතර එහි විමර්ශන වාර්තාව ලබන සතියේ FCID ය වෙත බාරදීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය. (srilankamirror)

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2016 හොඳම ප‍්‍රතිඵල ලාභින්ගේ නාම ලේඛනයද විභාග දෙපාර්තමේන්තුව මීට නොබෝ වේලාවකට පෙර නිකුත් කළා.

ඊට අනුව හොඳම ප‍්‍රතිඵලලාභීන් දස දෙනාගෙන් හත් දෙනෙකුම කාන්තා පාසල්වල ඉගෙනුම ලබන්නන්. මෙම ප‍්‍රතිඵල ලාභින් දස දෙනාම නගරයේ පාසල්වල ඉගෙනුම ලබන්නන් වීම ද විශේෂත්වයත් වනවා.

පළමු ස්ථානය ලබා ගෙන ඇත්තේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ අනුකි චමත්කා පැසකුවෙල්.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්. එම්. මුණසිංහ දෙවන ස්ථානය ලබා ගෙන තිබෙනවා.

තුන්වන ස්ථාන ලබා ගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර් එම් සුගත් රවිඳු සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධි මිරිස්සගේ.

හතරවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ එච් බී පබසරා මලිති කුමාරි හිමිකර ගෙන තිබෙනවා.

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඩි. එම්. රනුමි දිසරණි නානායක්කාර, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඒ. දම්සරා මේධාවි සහ යාපනය හින්දු විද්‍යාලයේ ඒ. අභිනන්දන් පස්වන ස්ථාන ලබා ගෙන තිබෙනවා.

හය වන ස්ථාන ලබා ගෙන ඇත්තේ ගාල්ල සවුත්ලන්ඞ් විද්‍යාලයේ රන්දිණි ද සිල්වා සහ මාතර සුජාතා විද්‍යාලයේ ඊ ඒ යසාරා උමාෂියි. (නෙත්)

වසරකට ලක්‍ෂයක් සියදිවි නසාගෙන ලෝකයේ දෙවැනි තැනට පත්වී තිබූ ශ්‍රී ලංකාව මේ වන විට සියදිවි නසා ගැනීම්වලින් වන මරණ සංඛ්‍යාව තුන්දහස දක්වා අඩුවී ලෝකයේ සියදිවි නසා ගැනීම් අතින් 22 වැනි ස්ථානයට පත්වී ඇතැයිද මෙසේ මිය යන්නන් අවුරුදු 15ත් 29ත් අතර තරුණ තරුණියන් යැයිද කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රමණී රත්නවීර මහත්මිය (24දා) ගාල්ලේදී පැවැසුවාය.

වාර්තාකරණයේදී මනෝ විද්‍යාව මාධ්‍යවේදීන්ට බලපාන ආකාරය පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති වැඩමුළුවක් අමතමින් වෛද්‍යවරිය මේ බව පැවැසුවාය.

රත්නවීර මහත්මිය මෙසේද කීවාය. ලෝකයේ සෑම තප්පර හතළිහකට එක් අයෙක් සිය දිවිනසා ගන්නවා. එය ලක්‍ෂ අටක් පමණ වෙනවා. දුම්වැටිවල නිකොටින් ඇතුළු ශරීරයට අහිතකර විස සංඝකට 4,000ක් පමණ තිබෙනවා. ඒ අතර වකුගඩු, පෙණහලු, අක්මාව, අග්න්‍යාශය යනාදී ශරීර අවයවවලට බලපාන පිළිකා කාරක 11ක් තිබෙනවා. දුම්වැටියක් බොන පුද්ගලයකු ළඟට විනාඩි 45ක් යනතුරු ළංවීම අනතුරුදායකයි. අක්‍රිය දුම්පානය මඟින් සෙසු පුද්ගලයන්ටද ආබාධ ඇතිවීම ඊට හේතුවයි.

පුද්ගලයකු දිනකට පාවිච්චි කළ යුත්තේ සීනි හැඳි හයක් පමණයි. අපි පානය කරන පැණිබීම බෝතලයක සීනි හැඳි 15ක් පමණ තිබෙනවා. පැණිබීම අධික ලෙස පානය කිරීම නිසා දියවැඩියාව වැනි බෝ නොවන රෝග ඇති වන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට පැණි බීම දීමේදී මවුපියන් සැලකිලිමත් විය යුතුයි.

සමාජ වෙබ් අඩවි සහ අන්තර්ජාලය අද සමාජ උවදුරක් බවට පත්වෙලා. පාසල් දරුවන් පැය හයක් මේවා පරිහරණය කළහොත් බුද්ධිය අඩු වෙනවා. ලේ ගමන අඩු වෙනවා. විසාදය හා ආතතිය ඇති වෙනවා. දරුවන්, මවුපියන් පාලනය කරනවා. දැන් මේ තත්ත්වය රෝගී තත්ත්වයක් බවට පත්වෙලා. ඇමෙරිකාව, ජපානය, කොරියාව වැනි රටවල අධික ලෙස අන්තර්ජාලයට සහ වෙබ් සමාජ අඩවිවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඉගෙන ගන්නා දරුවන්ට ළඟාවිය නොහැකි ඉලක්ක ලබාදීම හොඳ නැහැ. මවුපියන් දරුවන්ගෛන් අභිමානය බලාපොරොත්තු වීම හොඳ නැහැ. ගුරුවරුන්ගෙන් සහ මවුපියන්ගෙන් දරුවන් ඉගෙන ගන්නේ 60%ක් පමණයි. ඉතිරි 40% ළමයා විසින් ඉගෙන ගත යුතුයි. ගුරුවරයා ළමයින්ට දෙවැනි මව විය යුතු වුවත්, දැන් එහෙම වෙන්නේ නැහැ. ළමයින්ගේ දක්‍ෂතා හඳුනාගෙන ළමයින් ඉදිරියට ගෙන ඒම ගුරුවරුන්ගේ වගකීම විය යුතු බවද වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල්, පෝද්දල - යූ.එම්. තිලකරත්න,
රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි-මව්බිම

හිඟුරාන සීනි කර්මාන්තායතනය අපේක්ෂා කළ පරිදි එතනෝල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සුරාබදු සහතිකය නිකුත් කර නොමැති බැවින් එම සමාගමේ අලාභය දිනපතා වර්ධනය වෙමින් ඇති බවත් ඊට පිළියමක් ලෙස නොපමාව සුරාබදු සහතිකය ලබාගෙන එතනෝල් නිෂ්පාදනය ආරම්භ කළ යුතු බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව එම සමාගමට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය නිකුත් කර ඇත්තේ හිඟුරාන සීනි කර්මාන්තායතනයේ කළමනාකාරීත්වය දරන ගල්ඔය වැවිලි පෞද්ගලික සමාගමේ 2016 කාර්ය සාධන විගණනය සිදු කිරීමෙන් අනතුරුවය.

එම නිර්දේශ ඇතුළත් 2016 කාර්ය සාධන විගණන පරීක්ෂණය 2017 පෙබරවාරි 13 වනදා සිදුකර ඇති අතර එම විගණනය විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2017 පෙබරවාරි 13 වනදා සිදුකර ඇත.

මිලියන 798 ක නව ස්කාගාරයක්:

ඊට අනුව 2017 ජනවාරි 31 වන විට එම සමාගම රුපියල් මිලියන 798 ක වියදමක් දරා නව ස්කාගාරයක් ඉදිකර ඇති අතර මධ්‍යසාර නිෂ්පාදනය කිරීමේ ශක්‍යතා පරීක්ෂණ කටයුතු ද මේ වන විට අවසන් කර ඇත.

එසේම මධ්‍යසාර නිෂ්පාදනය සිදු කිරීම සඳහා සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් ලෙස ලැබෙන මොලෑශස් මෙට්‍රික් ටොන් 12,490ක් සමාගමේ ගබඩා කර ඇති බව ද එම වාර්තාවේ සඳහන්ව තිබේ.

දිනකට එතනෝල් ලීටර 21,500ක් ලීටරය රුපියල් 350.00 බැගින් අලෙවි කිරීම හරහා රුපියල් මිලියන 7.5ක ආදායමක් සමාගම අපේක්ෂාවෙන් සිටි බවත් සුරාබදු සහතිකය නොමැතිව ස්කාගාරය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බැවින් එම අපේක්ෂිත ආදායම මේ වන විට දෛනික අලාභයක් ලෙස සටහන් වෙමින් ඇති බව සමාගමේ කළමනාකරණය විගණක නිලධාරීන්ට දැනුම් දී ඇති බවත් එහි සඳහන්ය.

රජයට පවරාගෙන:

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන ආකාරයට පෞද්ගලික ආයෝජකයකු වෙත බදු දී තිබූ හිඟුරාන සීනි කර්මාන්තායතනය එම බදුකරු විසින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් 1997 වසරේ දී රජයට පවරාගෙන ඇත.

පසුව 2007 වර්ෂයේ දී ගල්ඔය වැවිලි පෞද්ගලික සමාගම පිහිටුවා හිඟුරාන සීනි කර්මාන්තායතනයට අයත් නිශ්චල සහ චංචල දේපළවලින් නිෂ්පාදනාගාරය, කාර්යාලය හා නිල නිවාස 94 ක් මෙන්ම අනෙකුත් ගොඩනැඟිලි පිහිටි ඉඩම් හෙක්ටයාර 277.75 ක ප්‍රමාණය අවුරුදු 30 ක බදු ගිවිසුමකට යටත්ව එහි කළමනාකරණ කටයුතු පවරා ඇත.

ඒ වන විටත් හිඟුරාන සීනි කර්මාන්තායතනයට එතනෝල් නිෂ්පාදනය කිරීම සඳහා සුරාබදු බලපත්‍රයක් තිබී ඇති නමුත් කළමනාකාරීත්වයේ සිදු වූ වෙනස් වීම හේතුවෙන් එම බලපත්‍රය ගල්ඔය සමාගමට පැවරිය යුතුව තිබිණ.

දේශපාලන බලපෑමක් :

ඒ බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත දැනුම් දී ඇති නමුත් මෙතෙක් ඒ සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැත.

මේ වන විට අපට ලැබී ඇති තොරතුරුවලට අනුව මේ ආකාරයෙන් හිඟුරාන සමාගමට සුරාබදු බලපත්‍රය පමා කරමින් තිබෙන්නේ එම සමාගම පාඩු ලබන බව පෙන්වා එහි කළමනාකරණය ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයන් කිහිපදෙනකුගේ හිතවත් ව්‍යාපාරිකයකු වෙත පැවරීමේ අපේක්ෂාවෙන් යුතුවය.

(සංජය ලියනගේ_ශ්‍රීලංකන්මිරර්)

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රශ්නගත භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලින් සේවක අර්ථසාධක අරමුදලට රු. කෝටි 950 ක පමණ අතිවිශාල අලාභයක්‌ සිදුව ඇතැයි මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ මගින් හෙළිදරව් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩල ආරංචි මාර්ග පවසයි.

ඉකුත් මාර්තු 23 දින පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමට අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත්ව ඇති අතර එම වාර්තාව මගින් එම අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනුවලින් රු. කෝටි 950 ක පමණ අලාභයක්‌ සිදුව ඇතැයි මුදල් මණ්‌ඩලයට නිල වශයෙන් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

මහ බැංකුවේ සහකාර අධිපති කුමුදුනී සරවනමුත්තු මහත්මියගේ නායකත්වයෙන් යුතුව මෙම විශේෂ අභ්‍යන්තර පරීක්‍ෂණය සිදුකෙරුණු අතර එමගින් 2015 සහ 2016 යන වසර දෙකේ රජයේ සුරැකුම්පත්වල අර්ථසාධක අරමුදල විසින් සිදුකළ ගනුදෙනු පිළිබඳව පරීක්‍ෂණ සිදුකරන ලදී.

සැකකරුවන් දෙදෙනෙක් :

මෙම අභ්‍යන්තර පරීක්‍ෂණයේදී මෙම ගනුදෙනුවලට මහ බැංකුවේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ වී ඇති බව හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනොගේ නම් ද අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව මගින් මුදල් මණ්‌ඩලය වෙත වාර්තා කර තිබේ.

එම නිලධාරීන් දෙදෙනාගෙන් එක්‌ අයකු මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන අතර අනිත් නිලධාරියා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි.

මේ නිලධාරීන් දෙදෙනා එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ සමඟ අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනු සිදුකිරීමට සෘජුවම සම්බන්ධ වී ඇති බවත් එම ගනුදෙනුවලින් සේවක අර්ථ සාධක අරමුදලට විශාල අලාභ සිදුව ඇති බවත් මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව මගින් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට දැනුම් දී තිබෙන බව ද දැනගන්නට ඇත.

දේශපාලන රැකවරණ ?

මෙම වාර්තාව මගින් හෙළිකර ඇති අර්ථසාධක අරමුදලේ දැවැන්ත අලාභයට සෘජුවම වගකිවයුතු බවට නිලධාරීන් දෙදෙනකු හඳුනාගෙන ඇති බැවින් වහාම එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කොට විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට ඉකුත් බ්‍රහස්‌පතින්දා (23 දා) මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී නිහාල් ෆොන්සේකා සහ ක්‍රිෂාන්ත පෙරේරා යන මුදල් මණ්‌ඩල සාමාජිකයන් ඉල්ලීම් කර තිබුණත් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා සහ එම්. රාමනාදන් මහත්මිය මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කර ඇති බව ද මුදල් මණ්‌ඩල ආරංචි මාර්ගවලින් පැවසේ.

_ශ්‍රීලංකන්මිරර්

Features

2019 ලෝකය

දෙසැම්බර් 28 2019

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website