Latest News

හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විවෘත හා සජීවී රූපවාහිනී විවාදයකට සහභාගි වන ලෙස ආරාධනා කළේය.

රටේ මුළු ණය බරතාවයෙන් අති බහුතරය රාජපක්ෂ පාලන සමයේ දී ලබාගත් ණය බවද මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාචාවේදී මුදල් අමාත්‍යවරයා මෙම අභියෝගය අභියෝග කළේය. තව දුරටත් ඔහු ඒ සම්බන්ධව කරුණු දක්වමින් කියා සිටියේ රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ අනුගාමිකයින් දිගින් දිගටම රටේ ජනතාව මුලාකර මින් සිටින බවය.

Tuesday, 22 May 2018 12:59

38,000ක් අනාථයි

මේ වන විට දිස්ත‍්‍රික්ක 19 ක පවුල් 9817ක් හා පුද්ගලයින් 38,046 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මුලතිව්, මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, රත්නපුර, ගාල්ල, කළුතර, කුරුණෑගල, පුත්තලම, මොණරාගල, මාතර, හම්බන්තොට, වව්නියාව, ගම්පහ, මාතලේ සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයන්ට මෙහි වැඩි බලපෑමක් එල්ල වී ඇති බවද සඳහන් කරයි. මේ තත්ත්වය හේතුවෙන් මරණ අටක් සිදුවී ඇති අතර, අකුණ සැරවැදීම් හා නායා යාම් හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බව වාර්තා වේ.

තව දුරටත් විමසිලිමත්ව කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික පර්යේෂණ ඒකකය නමින් බැනර් එකක් ගසා ඒ ඉදිරියේ වාඩිවී ලංකාවේ ආර්ථික තත්ත්වය මාසයකට දෙපාරක් තුන්පාරක් විග්‍රහ කරයි.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ බියගම ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නලින් සේනක දිසානායක මහතා පත් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එම පක්ෂය සමග සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්  පැවසීය.

අයාලේ යන මී හරක්ගෙන් කදපොළ ගොවීන්ගේ වගාවන්ට  හානිනුවරඑළිය දිස්ති‍්‍රක්කයේ කදපොළ ප‍්‍රදේශයේ, වන ආශි‍්‍රතව ගැවසෙන මී හරක් රාත‍්‍රි කාලයේදී ගම් වැදීම නිසා විශාල වශයෙන් සිය වගාවන් හානි වන බව ගොවීන් විසින් පැමිණිලි කර ඇත.

අයාලේ යන මී හරක්ගෙන් කදපොළ ගොවීන්ගේ වගාවන්ට  හානිනුවරඑළිය දිස්ති‍්‍රක්කයේ කදපොළ ප‍්‍රදේශයේ, වන ආශි‍්‍රතව ගැවසෙන මී හරක් රාත‍්‍රි කාලයේදී ගම් වැදීම නිසා විශාල වශයෙන් සිය වගාවන් හානි වන බව ගොවීන් විසින් පැමිණිලි කර ඇත.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සේවය කරන ආගමන විගමන නිලධාරීහු අද (17) දහවල් 12.30 සිට නිහඬ විරෝධතාවයක නිරතව සිටිති.

ආගමන විගමන නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු විසඳිමට බල කරමින් එම නිලධාරිහු අද (17) රාත්‍රී  12 සිට අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත වීමට නියමිතය.

කටුනායක,රත්මලාන,මත්තල ගුවන්තොටුපළ වල හා කොළඹ ත්‍රිකුණාමලය හා හම්බන්තොට වරායන්හි සේවය කරන ආගමන විගමන නිලධාරීහු ද අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.

ලංකාදීප

පෞද්ගලික බස් වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

රජයෙන් ලබා දුන් 6.56% ක බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව කියමින් අද රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් සිදු කරන බව එම සංගමය කලින් කියා තිබිණි.

ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා සමඟ අද පැවැති සාකච්ඡාවකින් පසු වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බවත්, සියයට 12.5% බස් ගාස්තු වැඩි වීමක් ලබා දීමට ඇමැතිවරයා එකඟ වූ බවත් අංජන ප්‍රියංජිත් මහතා කීවේය.

අවම ගාස්තුව රුපියල් 12ක් කිරීමට සහ සමස්ථ බස් ගාස්තුව සියයට 12.5කින් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමැතිවරයා පොරොන්දු වූ බව කී සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය බස් ගාස්තු වැඩිවීම ලබන අඟහරුවාදා සිටම ක්‍රියාත්මක වන බව ද ප්‍රකාශ කළේය.

ලංකාදීප

පෞද්ගලික බස් වර්ජනයක් ඉදිරියේ දී ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීම සඳහා  ශ්‍රී  ලංකා ගමනාගමන මණ්ඩලයේ පැය 24 පුරා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පවසී ය.

මේ වනවිට සියලුම බස්රථ රියදුරන්ගේ, කොන්දොස්තරවරුන්ගේ සහ කාර්මිකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ප්‍රාදේශීය කාර්යාලවලට දන්වා ඇතැයි ද සභාපතිවරයා පැවසී ය.

දෛනික මඟී කාලසටහන අනුව නොව මඟි අවශ්‍යතාවය අනුව බස් රථ ධාවනයට එක් කරන ලෙස ද අදාළ අංශ වෙත මේ වනවිට උපදෙස් ලබාදී ඇතැයි ද රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ ය.

ඉන්ධන මිල වැඩීවීමත් සමඟ ඊට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල  සංදේශයක් ඊයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරි පත් වූ අතර  බස් ගාස්තුව 6.56%කින් සංශෝධනය කිරීමට අනුමැතිය හිමි විය. මෙම වැඩි වීම ප්‍රමාණවත් නොවන බව බස් සංගම් ප්‍රකාශ කර ඇති අතර බස් සංගම් විසින් වර්ජනයක් ද ක්‍රියාත්මක කරන බව මේ වනවිට මාධ්‍ය මඟින් ප්‍රකාශ කර තිබේ.

(මව්බිම)

Page 1 of 717

නවතම පුවත්

Stats

There are 28591 listings, 821 categories and 101 owners in our website
Vote for Us

vote4us