Wednesday, 11 October 2017 08:43

ඉදිරි දින කිහිපයේත් වැසි තත්ත්වයේ වැඩි වීමක්

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.එසේම දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇත.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වේ.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තරමක තද වැසි බලාපොරෝත්තු වේ.

ගිගුරුම් සහසිත වැසි ඇතිවන විට එම ප්‍රදේහවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

නවතම පුවත්

Stats

There are 28593 listings, 821 categories and 101 owners in our website