Wednesday, 11 October 2017 08:45

"ඔයාගේ දෝණි ඇන්දා ගැන අහනකොට කලබල වෙන්න" - අනුර කුමාර ඇමැති ලක්ෂ්මන්ගේ මූණටම කියයි

ආණ්ඩුව උතුරු කොරියානු රජයට සම්බාධක පැනවීමට තීරණයක් ගෙන ඇති බවත් එවැනි තීරණයක් ගැනීමට පාදක වූ කරුණු මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු විවාදයක් අතරතුරදීය.

ජගත් ආරක්ෂක මණ්ඩලය මඟින් පනවනු ලැබූ ප්‍රඥප්තිය ඇති බවත් එමඟින් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමට අපි බැදී සිටින බවත් මේ ආකාරයට සම්බාධක පැනවීමේ ක්‍රියාවලිය අපි කල්දමමින් සිටි බවත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පැවසීය.

ප්‍රඥප්තියට අනුව අප කටයුතු නොකළහොත් එහි ප්‍රතිඵල අත් විදීමට සිදු වන බවත් මෙය එක රැයින් ගත් තීරණයක් නෙවන බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතකට අනුව ජගත් ආරක්ෂක මණ්ඩලය මඟින් කිසියම් රටකට එරෙහිව සම්බාධක පැනවුවහොත් ශ්‍රී ලංකාවද ඊට සමගාමිව අදාළ ක්‍රියා මාර්ග ගත යුතු බවට සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවට සඳහන් වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී මෙසේ අදහස් දැක්විය.

“ගරු කථානායකතුමනි ඇමතිවරයා උත්තර දුන්නා.පාර්ලිමේන්තුවේ පනතක් ගෙනහල්ලා ඒ පනතේ තියෙනවා එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ගන්නා තීරණ අපි ක්‍රියාත්මක කරනවා කියලා.ඊට වඩා මොනවද?”

අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

“කතා කරමින් ඉන්න ගමන් මගේ මේ මයික් එක ඔන් වෙලා තිබුණා.මන් කරුණු ඉදිරිපත් කරමින් ඉන්න ගමන් එතුමා නැගිටිනකොට මේක ඕෆ් වෙනවා.එතුමාගේ පුටුවෙද මේ බට්න් එක තියෙන්නේ?ගරු කථානායකතුමනි මන් අහන්නේ එකයි.මන් ප්‍රශ්න අහනකන් ඉන්න.ප්‍රශ්න අහන්න නොදී මොකක්ද ඔය කරන්නේ?එතුමා කලබල වෙන්න පුළුවන් නුවර හයිවේ එක ගැන අහනකොට එතුමා කලබල වෙන්න පුළුවන්.සයිටම් එක ගැන අහනකොට කලබල වෙන්න.මාර්ග ඉදිකිරීම් ගැන කොන්ත්‍රාත් අහනකොට කලබල වෙන්න.ඔයාගේ දෝණි ඇන්දා ගැන අහනකොට කලබල වෙන්න.”

නවතම පුවත්

Stats

There are 28592 listings, 821 categories and 101 owners in our website