Thursday, 11 January 2018 11:46

වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

දැනට භාවිතයේ පවතින වීසා වර්ග සහ ඒ සඳහා අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීමටත් රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

එහිදී ආගාමික හා විගාමික පනතේ වගන්ති හා රෙගුලාසි සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන අතර එය ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.

දැනට රුපියල් වලිනය කරනු ලබන වීසා ගාස්තු නව සංශෝධනයත් සමඟ ඇමරිකානු ඩොලර්වලින් ගෙවීමටද එහිදී නිර්දේශවී තිබේ.

එමෙන්ම, ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට හැකියාවක් නොමැති විදේශීය පුරවැසිභාවය ලැබී ඇති ලාංකිකයින්ට ස්ථීර නේවාසික වීසා ලබා දීමටද තීරණයකර ඇත.

welabima.lk

Last modified on Thursday, 11 January 2018 11:47

නවතම පුවත්

Stats

There are 28589 listings, 821 categories and 101 owners in our website