Friday, 12 January 2018 11:42

මහ-රජා කියනවා රාජගිරියේ ගුවන් පාලම හැදුවේ එයා කියලා - තලතා

මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ පාලන කාලයේ රාජගිරියේ ගුවන් පාලම නිර්මාණය කළ බවත්, මොරගහකන්ද ව්‍යාපෘතිය සැලසුම් කළ බවත්

ප‍්‍රකාශ කරන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ ප‍්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රත්නපුර ප‍්‍රදේශයේ පැවත් ජන හමුවකට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, ”මම දැක්කා ඊයේ පෙරේදා කෙනෙක් ටී.වී එකේ කියනවා මම අවුරුදු 20ට හිරේ යවන්න නීති හදනවා කියලා. මට ඉතින් ඒ මොලේ තරම තේරෙනවා. මොකද නීති විද්‍යාලයේ එලියේ තියෙන කාණුවක්වත් හෝදන්න සුදුසුකම් නැති අයට මේවා තේරෙන්නේ නෑ. මම අධිකරණ ඇමති වෙලා ඉන්නේ නිකන් නෙවෙයි නීතීඥයෙක් හැටියට. අපි නීතිය මොකක්ද කියලා දන්නවා අධිකරණය මොන තරම් ශ්‍රේෂ්ඨද කියන දේ දන්නවා. විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය කියලා 3ක් ලෝක සම්මත කරලා තියෙන්නේ මොකද කියන දේ අපි හොඳට දන්නවා. මොනම හේතුවක් නිසාවත් මේ රටේ ඉන්න විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එයාගේ යටතේ අධිකරණය තියාගෙන ඉඳලා ෆයිල් හංගන්න, ගන්න  ඕනි ෆයිල් එළියට ගන්න වැඩකරන්න අපි සූදානම් නෑ. නාලන්ද එල්ලාවල ඝාතණය වෙලාවේ කරදර කරපු මිනිස්සුන්ගේ විස්තර හංගලා තිබිලා දැන් තමයි බොහොම අමාරුවෙන් එළියට ගන්නේ. ඒ යුගය දැන් නෑ. අපිට බලයට වඩා ලොකුයි මේ රටේ පැවැත්ම. සමහරු අහනවා අවුරුදු 2ක් ගියා මොකද කළේ කියලා. මුන් අවුරුදු 10ක් රට කෑවා. මත්තල ගැන කතාකරනවා. අධිවේගි මාර්ග ගැන කතාකරනවා.

නවතම පුවත්

Stats

There are 28589 listings, 821 categories and 101 owners in our website