Thursday, 15 February 2018 15:35

විදේශ ශ‍්‍රමිකයින් පිළිබඳව ඩුබායි රාජ්‍ය සමඟ අවබෝධතා ගිවිසුමක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි සේවය කරනු ලබන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව, සුභසාධනය මෙන්ම නීති විරෝධී මිනිස් වෙළඳාමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ ශ‍්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශය අද දින (2018.02.15) අවබෝධතා ගිවිසුමකට එළැඹෙන ලදී.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් මෙම ගිවිසුම අත්සන් කළ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් එරට මානව සම්පත් අමාත්‍ය නසාර් තානි අල් හමාලි (Nazar Thani Al Hamali)මහතා අත්සන් කරන ලදී. 

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත් සමඟම මිනිස් වෙළඳාමට එරෙහිව නීතිව තදින් කි‍්‍රයාත්මක කිරීමට හැකිවන බවයි. එම`ගින් ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට සුරක්ෂිතව ඩුබායි රාජ්‍යයේ සේවය කිරීමට හැකිවන බවත් එමඟින් ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවස්ථාව උදා වී ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

නවතම පුවත්

Stats

There are 28589 listings, 821 categories and 101 owners in our website
Vote for Us

vote4us