Friday, 16 February 2018 11:45

නිපොන්මරු නෞකා නියෝජිත පිරිස ජනපති හමුවෙයි

ලෝක මිත්‍රත්ව නිපොන්මරු නෞකා වැඩසටහන සමග ශ්‍රී ලංකාවට පැමිණි තරුණ නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතා හමුවිය.

මෙවර ශ්‍රී ලංකාව ඇතුථව රටවල් 11 ක තරුණ තරුණියන් 242ක ගේ සහභාගීත්වයෙන් නිපොන්මරු නෞකා වැඩසටහන ශ්‍රී ලංකාව, ජපානය හා ඉන්දියාව යන රටවලදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ජපන් කැබිනට් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන මෙම ලෝක මිත්‍රත්ව නෞකා සංචාරය පසුගිය ජනවාරි 29  දා, ජපානයෙන් ගමන් ආරම්භ කරන ලද අතර, පසුගිය 11 වැනි දින මෙම නෞකාව ඉන්දියාවේ නැංගුරම්ලා දින 03 ක් එහි ගත කොට 13 වන දින යළිත් ගමන් අරඹා අද දිවයිනට ළගාවිය. ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරුණ වැඩසටහන් රැසකින් අනතුරුව නෞකාව ලබන 17 වන දා පස්වරුවේ නැවත ජපානය බලා ගමන් ඇරඹීමට නියමිතය. 

නවතම පුවත්

Stats

There are 28589 listings, 821 categories and 101 owners in our website