Saturday, 12 May 2018 10:58

රවී රූපවාහිනී සභාපතිකමින් ඉල්ලා අස්වේ

නීතිඥ රවි ජයවර්ධන ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිදූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇති බව වාර්තා වේ.

ජාතික රූපවාහිනිය දැඩි ලෙස පාඩු ලබමින් හා එය විකිණීමේ අවධානමක සිටි අවධියක එහි සභාපතිදූරයට පත්වූ රවි ජයවර්ධන මහතා අද වන විට එය ලාභ ලබන ආයතනයක් ලෙසට පත් කර ඇතැයි වාර්තාවේ. තවද එහි වැඩසටහන් වලට ප්‍රථම වතාවට ජාතික සම්මාන කිහිපයකින්ද පිදුම් ලබා ගත්තේය. “සංහිඳියා“ රූපවාහිනීය ආරම්භ කිරීම සඳහා රවි ජයවර්ධන විසින් පුරෝගාමීව කටයුතු කළ අයෙකි.

යහපාලනයේ දේශපාලන බල කඳවුරු දෙක අතර මත දෙකක් යටතේ රජයේ ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය අයතනය වන ජාතික රූපවාහිනිය එක් පාර්ශවයකටත් පක්ෂ නොවී සමබර ලෙස පාලනය කරගැනීමට රවී ජයවර්ධන සමත්  විය.

Last modified on Saturday, 12 May 2018 13:16

නවතම පුවත්

Stats

There are 28591 listings, 821 categories and 101 owners in our website
Vote for Us

vote4us