Saturday, 12 May 2018 13:13

දෙදින සංචාරයකට ජනපති ඉරානයට

ඉරානය සහ ශ‍්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (12) දහවල් ඉරානය බලා පිටත්ව ගියේය.

ඉරාන ජනාධිපති හසන් රූහානි මහතාගේ විශේෂ නිල ඇරයුම පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන අතර ඉරාන - ශ‍්‍රී ලංකා ආර්ථික හා වෙළෙඳ සබදතා වැඩිදියුණු කර ගැනීම මෙන්ම ශ‍්‍රී ලංකාව තුළ ඉරාන ආයෝජන දිරිමත් කිරීම පිළිබඳව ද මෙම සංචාරයේදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරුණු ඇත.

Last modified on Saturday, 12 May 2018 13:24

නවතම පුවත්

Stats

There are 28589 listings, 821 categories and 101 owners in our website