Wednesday, 16 May 2018 13:10

යාපනය නගරය හරිත නගරයක් කිරීමට  යයි

යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් නගරය අවට රුක් රෝපණ වැඩසටහනක් උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ සංකල්පයක් අනුව ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙහෙයවීමෙන් ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහන සඳහා යාපනය නගරාධිපතිතුමන් ඇතුළු මහ නගර සභාවත් උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය කන්දයියා සරවේෂ්වරන් මහතා ඇතුළු සියලූම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද සහයෝගය ලබාදෙන අතර ප‍්‍රදේශය පුරා පැල 3000ක් පමණ සිටුවීමට කටයුතු සූදානම් කරඇත. මේ සඳහා කොහොඹ, තේක්ක, ජම්බු, මහෝගනී වැනි පැල තෝරා ගෙන ඇති අතර පන්නෙයි පාර, පන්නෙයි වෙරළ පාර, කෙරෙයිනගර් පාර, කොළොම්බතුරෙයි පාර, සෙන් පැට්ට‍්‍රික් වෙරළ පාර යන ස්ථාන වල මූලික වශයෙන් මෙම පැල සිටුවීම කරගෙන යනු ලබයි. අවශ්‍ය පැල වර්ග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සපයනු ලබන අතර විශේෂයෙන් උතුරු පලාතේ පවතින දැඩි හිරු රශ්මිය පාලනය කර ගැනීමටත් මෙය මහත් පිටිවහලක් වනු ඇත.

නවතම පුවත්

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website