Wednesday, 19 September 2018 06:52

චීන ණය සහ ආධාර ව්‍යාපෘති සමාලෝචනය කරයි

චීන  ණය සහ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක   කිරීමේ දී මතුව ඇති ගැටලූ පිළිබද සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අදාළ සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර, මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගැනීමට ගතයුතු පියවර පිළිබදව ද අවධානය යොමු කෙරිණි. ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන   මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ජනතා සුබසෙත වෙනුවෙන්  ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධනේ මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගැනීම සදහා ශ්‍රී ලංකා රජයෙන් ගතයුතු පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.

මෙම සාකච්ඡාව ජනාධිපති ගරු   මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

LIN

නවතම පුවත්

Stats

There are 28588 listings, 863 categories and 101 owners in our website