Friday, 21 September 2018 10:00

කුවේට් කෝටි 13ට සොරකමට චෝදනා ලැබු ශ්‍රමිකයා බේරා ගැනේ

බියුටි චතුරංග මහතා කුවේට්හි සේවය කරන අතරතුර ඔහුගේ හාම්පුතා විසින් සිය නිවසේ ශ්‍රි ලංකා මුදලින් රුපියල් කෝටි 13ක වටිනාකමකින් යුත් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ශාරීරික වද හිංසාවන්ද පමුණුවා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා ඉදිරිපත් කර තිබේ.

එවකට විදේශ රැකියා අමාත්‍යවරියට දැනුම් දී තිබෙන අතර අමාත්‍යවරිය කඩිනමින් ඒ සදහා ක්‍රියාත්මක වී තිබේ. අමාත්‍යවරිය විසින් කුවේට් තානාපති කාර්යාලයේ උපදේශකතුමිය දැනුවත් කිරීමෙන් අනතුරුව තානාපති කාර්යාලයේ නිළධාරීන් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී අදාළ නීතිමය කටයුතු සිදුකර ඔහු සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරගන්නා ලදී.

චතුරංග මහතා පසුගිය සතියේ දිවයිනට පැමිණි අතර, ඊයේ දිනයේදී අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේදී ඇමතිනිය හමුවී සිදුකළ කාර්යභාරය වෙනුවෙන් ස්තූතිය පුදකරන ලදී.

මෙහිදී අමාත්‍යතුමිය සදහන් කළේ, විදේශ රැකියා අමාත්‍යවරිය වශයෙන් ධුරය දරන සමයේදී මෙවැනි විශාල පිරිසක් විවිධ කරදරවලින් බේරාගැනීමට කාර්යාංශය යටතේ පවතින තානාපති කාර්යාලවල නිළධාරීන්ගේ මැදිහත්වීම යටතේ හැකිවූ බවත්, තමන් විදේශ රැකියා අමාත්‍යවරිය වශයෙන් සිදුකළ කාර්යභාරය පිළිබදව සෑහීමකට පත්වන බවයි. විශේෂයෙන්ම ගල් ගසා මරාදැමීමට නියම වූ කාන්තාවක් බේරාගෙන දිවයිනට ගෙන්වාගෙන තිබෙන අතර, ඇය මේ වන විට පවුලේ ඥාතීන් සමග සතුටින් සිටින බවත් ඇය කවුද යන්න පිළිබඳව මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට හෙළි නොකළ බවත්, ඒ ඇයගේ ආත්මගරුත්වය ආරක්ෂා කිරීමට බවත් සඳහන් කළාය. එසේම තමන් අමාත්‍ය ධුරය‍ භාරගත් සමයේ තානාපති කාර්යාල යටතේ පවතින සුරක්ෂා නිවාසවල විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 1600ට අධික පිරිසක් සිටි අතර, සිය ධුර කාලය අවසානයේදී එම ප්‍රමාණය 76 දක්වා අඩුවූ බව අමාත්‍යතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

LIN

Last modified on Friday, 21 September 2018 14:33

නවතම පුවත්

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website