Friday, 19 October 2018 12:18

ජනමාධ්‍යවේදීන්ට සෞඛ්‍ය සායනයක්

ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් පැවැත්වීමට වෛද්‍ය සායනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අමාත්‍යංශයේ නිවේදනයට අනුව මෙම සායනයේ දී  අක්ෂි, වකුගඩු,දන්ත ඇතුළු විශේෂිත ලෙඩ රෝග හඳුනා ගැනීමේ පරික්ෂාවන්, පෝෂණ උපදේශනය, කාන්තා රෝග ඇතුළු සියළු රෝග පරිකෂණ හා ප්‍රතිකාර සේවා සැපයීමට සැලසුම් කර ඇත.

මෙම වෛද්‍ය සායනය 2018 නොවැම්බර් 05 06 සහ 07 යන දිනයන්හි පෙ.ව. 7.00 සිට දවස පුරා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. 

ඔබ මෙම වෛද්‍ය සායනයට සහභාගි වීමට කැමැත්තේ නම් කරුණාකර ඔබ ඔබගේ සංවිධනනයේ හෝ ආයතනයේ ලිපියක් මගින් හෝ ජනමාධ්‍ය හැඳුනම්පත රැගෙන මෙම වෛද්‍ය සායනය වෙත පැමිණෙන ලෙස ඉල්ලා සිටී

LIN 

නවතම පුවත්

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website