Sunday, 21 October 2018 09:49

බොරු කියන්න එපා - ගම්පෙරලිය මුදල් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ටත් ලැබුනා

ගම්පෙරලිය මගින් ලබා දෙන මුදල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට ලැබුනා. ඒවා අපිට දුන්නේ නැහැ කියන කාරණය අසත්‍යයක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ගම්පෙරලිය මගින් ග්‍රාම සංවර්ධනය සඳහා ලබා දෙන මුදල් ප්‍රතිපාදන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට ලබා දුන්නේ නැහැ කියළා පසුගිය දිනවල ජනමාධ්‍ය තුළ පල වී තිබුනා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම ගරු ජනාධිපතිතුමා මට පැවරුවා. නමුත් අපි හැමෝම නියෝජනය කරන ප්‍රදේශවලට ඒ මුදල් ලැබිලා තියෙනවා. සමහර ප්‍රදේශවලට වෙන් කරපු මුළු මුදලම නොලැබුනත් වැඩි ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. මම ඒ සම්බන්ධයෙන් අදාල අංශ සමග සාකච්ඡා කළා. ඉදිරි සති දෙක තුළ මුලු මුදලම ලබා දෙනවා. ඒ නිසා ගම්පෙරළිය මගින් ලබා දෙන මුදල් ප්‍රතිපාදන අපිට ලබා දී නැහැ කියන කාරණය සම්පුර්ණයෙන්ම අසත්‍යයක්.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ, පසුගියදා කෘෂිකර්ම අ මාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මාධ්‍යෙව්දීන් අසල ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.

මේ රජය නියෝජනය කරන ප්‍රධාන පාර්ශ්වකරුවන් වන පක්ෂ දෙක අතර ගැටළුවක් නැහැ. මේ රජය 2020 වන තෙක් ඉදිරියට යනවා. පසුගියදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වුනා. එම අවස්ථාවට 15 කණ්ඩායමේ කිහිප දෙනෙකුත් සහභාගි වුනා. ඔවුන් අතරින් කිහිප දෙනෙක්ගේ අත්සනින් යුත් ලිපියක් ඉදිරිපත් කළා මේ ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් විය යුතුයි කියළා. ඒ ගැන විශේෂයෙන් සාකච්ඡා කළේ නැහැ. තවත් සාමාන්‍ය යෝජනා කිහිපයක් ඉදිරිපත් වුනා. ඒ අතරට එම යෝජනාවත් එක් කරන්න සටහන් කර ගත්තා. කොහොම වුනත් මේ ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වන්නේ නැහැ කියන කාරණය අපි පැහැදිලිවම සඳහන් කළ යුතුයි. හැමෝම ආණ්ඩුවට එකතුවෙනවා නම් තමයි හොඳ. ප්‍රශ්නය එක කට්ටියක් එලියේ ඉන්න එක.ඒ අය නැති ප්‍රශ්න හදනවා.

නවතම පුවත්

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website