Friday, 30 November 2018 13:28

විදේශ විනිමය අර්බුදය තවදුරටත්

ශ‍්‍රි ලංකාව මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදය තවදුරටත් උග‍්‍රවී ඇති බව විනිමය වෙළදපල ආරංචි මාර්ග සදහන් කරයි.

සැප්තැම්බර් මාසයේ වෙළද හිගය ඇමරිකානු ඩොලර් 713ක් වන අතර 2018 වර්ෂයේ වෙළද හිගය ඩොලර් බිලියන 7.9 කි. සැප්තැම්බර් මාසයේ ආනයනයන්ගේ වර්ධනය 6.1% න් වන අතර ප‍්‍රමාණය වශයෙන් එය බිලියන 1.8 කි.

අපනයනයන් වර්ධනය වී ඇත්තේ 4.4% කින් වන අතර එය ප‍්‍රමාණයක් වශයෙන් ඩොලර් බිලියන 1.1 කි. සැප්තැම්බර් මාසය තුළදී ඩොලර් මිලියන 138.2 ක් වටිනා වාහන ආනයනය කර ඇති අතර පසුගිය මාස 9 තුළදී ඩොලර් බිලියන 1.2 ක් වටිනා වාහන රට තුළට ආනයනය කර ඇත.

ඛනිජ තෙල් ආනයනය 33%කින් ඉහළ ගොස් ඇති අතර පසුගිය මාස 9 තුළදී ඩොලර් බිලියන 3.2 ක් වටිනා බනිජ තෙල් රට තුළට ආනයනය කර ඇත.

නවතම පුවත්

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website