Thursday, 13 June 2019 09:08

හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකොන් අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යළි අද (13) රැස්වීමට නියමිතව ඇත.

අද පස්වරු 03.30ට කාරක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

අද දිනයේදී කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මහතාට දැනුම් දී ඇත.

ඊට අමතරව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට ද අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

කැඳවීම ලබා ඇති හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ සමාජිකයෙක් ද විය.

එමෙන්ම  හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පසුගිය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේය.

කෙසේ නමුත් හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා හෙට දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීම පිළිබඳ අද වන විට සමාජයේ කථාබහට ලක්ව තිබේ.

කෙසේ වෙතත් අද දෙරණ කළ විමසීමකදී  පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධකම් ඇති එන්.කේ ඉලංගකෝන් මහතාගේ රාජකාරීමය සමයේ දී සිදු වු පැමිණිලි සහ ඒ හා අදාළ ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම සඳහා ඔහු අද දිනයේ කැදවනු ඇති බවයි.

(අද දෙරණ)

නවතම පුවත්

Stats

There are 28621 listings, 863 categories and 102 owners in our website