Thursday, 13 June 2019 09:09

මාර්ග සංවර්ධන අධිකාරියට අවිධිමත්ව සේවකයින් බඳවා ගැනීම පිළිබඳ විමර්ශන අරඹයි

2015 – 2018 කාලවලදී මාර්ග සංවර්ධන අධිකාරියට නීත්‍යානුකූල නොවන ආකාරයට සේවකයින් බඳවාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහාමාර්ග අමාත්‍යවරයාව සිටි කාලයේ මෙම සේවකයින් බඳවාගෙන ඇති බව අනාවරණය වී ඇත.

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
 
මාර්ග සංවර්ධන අධිකාරියට අවිධිමත් ලෙස සේවකයින් සිය දෙනෙකු පමණ බඳවාගෙන ඇති බවට කොමිසන් සභාව වෙත ලැබී තිබූ පැමිණිල්ලක විමර්ශන කටයුතු ඊයේ (12) දිනයේදී සිදු කෙරුණි.

එහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ වැටුප් අංශයේ ජ්‍යේෂඨ සාමාන්‍යාධිකාරිවරයා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපදේශකවරුන් සහ සම්බන්ධිකරණ ලේකම්වරුන් පත් කර ඇති බවයි.

අදාල පත්කිරීම් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ඔහුගේ දියණියගේ ඉල්ලීම මත සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.

එම පත්වීම් ලබාදී ඇති පුද්ගලයින්ගෙන් බහුතරයක් මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර නිශ්චිත ක්‍රියා පටිපාටයෙන් තොරව අදාල පත්විම් ලබාදී ඇති බවට මාර්ග සංවර්ධන අධිකාරියේ වැටුප් අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරිවරයා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත.

පැමිණිල්ලට අදාල වැඩිදුර විමර්ශන ලබන 27 වන දින සිදු කිරිමට නියමිතයි.

(අද දෙරණ)

නවතම පුවත්

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website