Monday, 24 June 2019 08:43

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි නොකළ යුතුයි-පැෆ්රල්

පුද්ගලික හේතු කාරණා මත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ නම් එය රටට කිසිසේත් උචිත නොවන බව මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් කණ්ඩායම පවසයි.

වර්තමානයේ සිදුකළ යුතුව පවතින්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකර ඊට සංශෝධන එක් කිරීම පමණක් බව ඔවුන් පෙන්වා දෙයි.

යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  18 සහ 19 වන සංශෝධන අහෝසි කළ යුතු බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව අද දෙරණ සමඟ අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම අදහස් පළ කළේය.

(අද දෙරණ)

Last modified on Monday, 24 June 2019 08:44

නවතම පුවත්

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website