Monday, 21 October 2019 06:40

අපේක්ෂක සජිත් සමග අන්තවාදීන්ට සහයෝගය දුන් නායකයින් එකතු වෙලා : විපක්ෂ නායක

අන්තවාදයට සහය දැක්වූ ඇතැම් නායකයින් අද වනවිට අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මේ වනවිට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවයි.

සංචාරකයෝ දැන් රටට එන්නේ නැහැ. ලක්ෂ ගානකට රැකියා නැහැ. දැන් මේ තත්ත්වය ඇති කලේ කවුද ? මේකට වගකියන්න ඕන කවුද? සහරාන්ද නැත්නම් මේ ආණ්ඩුවද? සහරාන්ට සහයෝගය දුන් ආණ්ඩුවද? ඔහුව අත්අඩංගුවට ගන්න යනකොට සහරාන්ව බේරුවේ මේ ආණ්ඩුවයි. දැන් ඒ ආණ්ඩුව එක්ක තමයි ඒ ජනාධිපති අපේක්ෂකයා එකතු වෙලා ඉන්නේ. දැන් බොරු ප්‍රචාර යවනවා. ඒ අපේක්ෂකයා ගැන මේ තිස්සමහාරාමේ ජනතාව හොදට දන්නවා, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියා.

රටේ බුද්ධි අංශය විනාශ කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකවරයා, එහි අනිසි ප්‍රථිඵල රටට භුක්ති විඳීමට සිදු වූ බව ද මෙහිදී ප්‍රකාශ කළා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ අගුණකොළපැලැස්සේ පැවති ජන හමුවකට එක්වෙමින්.

(Neth)

නවතම පුවත්

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website