බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 10:49

Corona Fake News හෙළිදරව්ව: පළමුවැනි පියවර

කොරෝනා වෛරස් ආසාදනය ගැන නොයෙක් කටකථා, දූෂමාන ආරංචි සහ බොරු ප්රචාර පැතිරෙමින් තිබෙනවා. වෛරසයෙන් බේරී සිටීම මෙන්ම බොරු වලට නොරැවටී සිටීම මේ දිනවල ලොකු අභියෝගයක්. Corona Fake News හෙළිදරව්ව උත්සාහ කරන්නේ ඒ සඳහා ඔබට අත්වැලක් ලබා දීමටයි.

මේ පළමු අදියරෙන් පැතිකඩ තුනක් විමසා බලනවා:

• විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්ය වල තමාගේ ප්රකාශ මෙන් සකස් කළ හුවමාරු වන බවත්, සියලුම නිවේදන සහ ප්රකාශ නිල වෙබ් පිටු සහ සමාජ මාධ්ය පිටු හරහා පමණක් ප්රකාශයට පත් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 අප්රේල් 3 වනදා නිවේදනයකින් කියා සිටියා. මෙයට හේතුවූ පසුබිම ජනාධිපති මාධ්ය අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායකගෙන් අප විමසනවා.

• අප්රේල් 2 වනදා බේරුවල කුට්ටිමලේ මුස්ලිම් පල්ලියකට ජනයා රැස්වී යාඥා කළ බව සහ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ට එහි යාමට ඉඩ නොදුන් බවට පුළුල්ව පැතිර ගිය ප්රවෘත්තිය බොරුවක් බව හෙළි කර ගත් හැටි, තරුණ මාධ්යවේදී තරිඳු ජයවර්ධන විස්තර කරනවා.

• රට පුරා එක දිගට සම්පූර්ණ වසා දැමීමක් සිදු වීමට නියමිත බවට පුළුල්ව පැතිර යන ප්රචාරය ගැන නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණගෙන් විමසන ලදුව එබන්දක් සැළසුම් කර නැති බව ඔහු පැහැදිලි කරනවා.

වැඩසටහන අවසන් වන්නේ බොරුවලින් බේරී සිටීමට කොයි කාටත් වැදගත් උපදෙස් තුනක් සමගින්.

ඉදිරිපත් කිරීම නාලක ගුණවර්ධන සහ අනෝමා රාජකරුණා.

 (IMS)

Media

නවතම පුවත්

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website