සදුදා, 05 අප්‍රේල් 2021 12:54

විවාහක රූ රැජින අවසන් තරඟයේ ගැටුමක් - කැරොලයින් ජූරි, පුෂ්පිකාගේ කිරුළ උදුරගනී ! Featured

ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය ඊයේ දින සවස නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වූ අතර එය මඳ නොසන්සුන් තත්වයකින් පසු නිමාවට පත්විය.

 

 

image 2 800 563
තරඟකරු අංක 20, පුෂ්පිකා ද සිල්වා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කළ අතර, කිරුළ පළඳවනු ලැබුවේ ශිරාන්ති රාජපක්ෂ, රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ විසිනි.


කෙසේ වෙතත්, ප්‍රභූවරුන් වේදිකාවෙන් පිටව ගොස් නව රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී, වර්තමාන ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ බවත් එබැවින් විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය.

ඇය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කළාය.

 

කව්ද මේ කැරොලයින් ජූරි ?

 

image 1

 

ඊයේ පැවති උත්සවයේදී පුෂ්පිකා ද සිල්වා ගෙන් කිරුළ උදුරාගත් කැරොලයින් ජූරි යනු 2020 ලෝක විවාහක රූ රැජිණයි.

එම කිරුළ ශ්‍රී ලංකාවට හිමි වුණේ වසර 35කට පසුවයි.

2020 ලෝක විවාහක රූ රැජිණ අවසන් මහා තරගය පැවතියේ ඇමරිකාවේ ලස් වේගස්හිදී ය.

එහිදී අවසන් මහා තරගයේ දී රටවල් 51 කින් සහභාගිව සිටි රූමතියන් සියලු දෙනා අභිබවමින් 27 හැවිරිදි එක් දරු මවක වන කැරොලයින් ජූරි, 2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ දිනා ගත්තා ය.

දෙවැනි ස්ථානය අයර්ලන්ත රූ රැජිණටත්, තුන්වැනි ස්ථානය ඇමෙරිකාවේ වර්ජින් අයිලන්ඩ් හි රූ රැජිනටත් හිමි විය.

මීට පෙර විවාහක රූ රුජිණ කිරුළ 1984 දී ශ්‍රී ලංකාවට හිමි කර දුන්නේ රෝසි සේනානායකයි. ඒ, පළමු වරට පැවති විවාහක රූ රුජිණ තරගාවලියේ දීය.

 

image 5 800 563

 

theleader.lk

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 29038 listings, 909 categories and 103 owners in our website