එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යවයි. ඉන් මරණ 15ක්ම වාර්තා වී ඇත්තේ ඉකුත් 20වනදායි. මැයි 21වනදා මරණ 10ක් වාර්තා වුණා. ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 46න් 14ක්ම සිදුව ඇත්තේ කරාපිටිය ශිීක්ෂණ රෝහලේදීයී. මිය ගිය පුද්ගලයින් අතර 29 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද වනවා.
මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වයක්වන දිව විශාල විමේ රෝගී තත්ත්වය පිළිබඳ ලොව පුරා වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මෙය වාර්තා වුයේ අමෙරිකාවේ හූස්ටන් ප්‍රදේශයෙන්. මෙම රෝගී තත්ත්වය කොවිඩ් දිව ලෙස හදුන්වන අතර මෙම රෝගී තත්ත්වයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ මැක්‍රොග්ලොසියා නම් රෝගයයි.
මෙම රෝගය වැලදුනු පුද්ගලයින්ට කතා කිරීමට ආහාර ගැනීමට සහ නිදා ගැනීමට පවා නොහැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ. දිව විශාල වීමේ රෝගී තත්ත්වය හේතුවෙන් ආසාද්‍ය අවස්ථාවකදී වෙන්ටිලේටර් යන්ත්‍ර සම්බන්ධ කිරීමටද අපහසුතා මතුව තිබෙනවා. දුර්ලභ රෝගයක් වන මෙය කොරෝනා රෝගීන් අතර වාර්තා වීම පිළිබඳව අමෙරිකානු පරීයේෂකයින් විසින් පරීක්ෂණද ආරම්භ කර තිබෙනවා.
මේ වන විට මෙවැනි රෝගීන් 09 දෙනෙකු පමණ අමෙරිකාවෙන් වාර්තා වි තිබෙනවා. වෛද්‍යවරුන් සැකපල කරන්නේ කොරෝනා වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආශ්‍රීතව සිදු කරනු ලබන දුර්වලතා හේතුවෙන් දිව විශාල වීමේ රෝගී තත්ත්වය ව්‍යාප්ත වී ඇති බවයි.
Neth News