Latest News

පානම කළපුවේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් බේරා ගැනීමට සමත් විය.

දක්ෂිණ අධි­වේගී මාර්ගයේ කුරු­ඳු­ග­හ­හැ­තැක්ම පිවි­සුම ආස­න්නයේ පිහිටි ගරා­ජ­යක් ඉදි­රි­පිට තිබී රුපි­යල් කෝටි තුන­කට අධික වටි­නා­ක­මක් ඇති හෙරො­යින් කිලෝ 03ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය විසින් පෙරේරා (18) රාත්‍රියේ දී සොයා­ගෙන තිබේ.

අලුත් අවු­රුද්ද සඳහා ගම්බිම් ගිය ජන­තා­වට නැවත ඒම සඳහා ඒකා­බද්ධ ප්‍රවා­හන මෙහෙ­යු­මක් ප්‍රවා­හන සහ සිවිල් ගුව­න්සේවා අමා­ත්‍යාං­ශය හඳුන්වා දී ඇත.

අවුරුදු 17ක් වන තරුණයෙකු සිය නිවස අසළ සිටියදී අකුණු සැර වැදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. පුදුකුඩිඉරිප්පු,විශ්වමඩු ප්‍ර දේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

(අද)

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයින් ආනයනය කිරිමේ අවශ්‍යතාවක් නොමැති බව චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරිය පවසයි.

දෙවන පාසල් වාරය ආරම්භ කිරිමට ප්‍රථම පාසල් පරිශ්‍ර පරිසිදු කිරිමේ ඩෙංගු මර්දන වැඩසටහන අද (20) සහ හෙට (21) යන දෙදින පැවැත්විමට නියමිතව තිබේ.

ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් වෙද නලාවක්ද භාවිතා කර රෝගීන් පරීක්ෂා කරමින් සිටි කාන්තාවක් පෙරේදා (17) සවස ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

දිවයින ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන්, පවතින ප්‍රබල අකුණු සහිත වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දේශපාලන ජීවිතයට වසර 30ක් පිරීම නිමිත්තෙන් හෙට (20) සහ අනිද්දා (21) මාතර දී උත්සව මාලාවක් පැවැත්වේ.

ඉදිරි සතියේදී පුරප්පාඩු වන විගණනකාධිපති තනතුර සඳහා රාජ්‍ය වැවිලි සමාගම් සභාපති තනතුරක් දැරූ පුද්ගලයෙකු පත්කිරීමට සැලසුම් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීහු සඳහන් කළහ.

Page 4 of 832

නවතම පුවත්

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website