Latest News

අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා,  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් පත්කර ඇත.

තම පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදුකරන ලද අතර, ජනාධිපතිවරයා අතින් තම පත්විම් ලිපිය ලබාගන්නා ලදි.

LIN

ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරිම කඩිනම් කළ යුතු බව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නොවැම්බර් 02 දිනට යෙදී ඇති අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ මුක්තිය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයකය. එහි වැඩිදුරටත් පවසන්නනේ,

නොවැම්බර් මස 02 දිනට යෙදෙන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ මුක්තිය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය මෙවරද උදාවන්නේ ශ්‍රීලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවු පසුබිමක් තුළය.නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ පිළිබඳව සිය බලවත් කණගාටුව හා විරෝධය පළ කර සිටී.

දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් 2000 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාල සීමාව තුළ සිදු වු සිදුවීම් 30 ක් ඇසුරෙන් අප කළ අධ්‍යයනයකට අනුව,ජනමාධ්‍යවේදීන් ඝාතන 12ක්ද ,අතුරුදහන් කිරීම් 02ක්ද, පැහැර ගෙන ගොස් පහර දීම් 3 ක්ද,පහර දීම්  6ක්ද,තර්ජනය කිරීම් 2ක්ද,මාධ්‍ය ආයතන වලට ප්‍රහාර එල්ල කිරීම් හෝ විනාශ කිරීම් 5ක්ද වේ. වඩාත් බරපතල තත්ත්වය වන්නේ මෙම කිසිදු සිදුවීමක චුදිතයන්ට අධිකරණය හරහා දඩුවම් පැමිණවීමට ශ්‍රීලංකා රජය තවමත් අසමත් වීමයි.2015 වර්ෂයේ සිදුවු ආණ්ඩු වෙනසත් සමඟ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කෙරුණත් විවිධ බලපෑම්,පොලිසියේ සහ නීතිපතිවරයාගේ දුර්වල ක්‍රියාකාරිත්වය සහ ඒ පිළිබඳ සැබෑ උනන්දුවක් නොමැතිවීම ආදී විවිධ හේතු මත එම පරික්ෂණ ද අඩපණ වී ඇති බව අපගේ නිරීක්ෂණයයි.

එබැවින් ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන චුදිතයන්ට අධිකරණය මගින් දඩුවම් ලබාදී යුක්තිය ඉටු කරන ලෙසත්,මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙසත්,ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ හඩ නැගු සංවිධානයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුතු සියලු පාර්ශවයන් වෙත යළි අවධාරණය කර සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංගර් (Hanaa Singer) මහත්මිය අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිඛෙන දේශපාලනික තත්ත්වය පිළිබදව මෙහි දී ජනාධිපතිතුමා නියෝජිතවරිය  දැනුවත් කළ අතර, රජයේ සියලූ කටයුතු සිදු කර තිඛෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ද පැහැදිලි කළේ ය.

එමෙන්ම රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බව සදහන් කළ ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සෑම අවස්ථාවකම ලබා දෙන සහය ඇගැයීමට ලක් කළේ ය. 

මෙහි දී අදහස් දැක්වූ හානා සිංගර් මහත්මිය සදහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියට ද ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවයි.

LIN

අග්‍රාමාත්‍ය ධූරය හා රජයේ ඇති වූ වෙනසෙහි නීත්‍යානුකූල භාවය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිපතිවරයාගේ භූමිකාවට අනුකූලව මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසයි.

ඔහු කථානායකවරයා වෙත මේ බව දන්වා ඇත්තේ ලිපියකිනි.

ඒ, පසුගිය 27 වන දා කථානායකවරයා කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.

(newsfirst)

රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයකට ඉඩ නොතබා සාමය ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙස ජනාධිපතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි. 

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ඉල්ලීම සිදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදී ය. 

පසුගිය දිනවල  රාජ්‍ය ආයතන කිහිපයක් තුළ ඇති වූ සිදුවීම් පෙන්වාදුන් ජනාධිපතිතුමා ජාත්‍යන්තර වශයෙන් රටට අපකීර්තියක් ගෙනදීමට එජාපය ප්‍රමුඛ ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන තත්ත්වයක් තුළ සියලූ රාජ්‍ය ආයතනවල සාමය පවත්වාගෙන යමින් රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව රාජ්‍ය ආයතන තුළ ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතැබීම වෘත්තීය සමිති නියෝජිතයන්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. 

මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් තම පූර්ණ සහය පළ කරන බවයි. 

විදේශ රැකියා සදහා ගොස් කිසි‍දු තොරතුරක් නොමැති සේවක මහත්ම මහත්මීන් පිළිබදව තොරතුරු සොයාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. එම සේවක මහත්ම මහත්මීන් පිළිබදව තොරතුරු පහත පරිදි වේ.

නම

විදේශ ගතවූ රට

විදේශ ගතවූ දිනය

ලිපිනය

ජී.විජයකන්නා

මැලේසියාව

2013.04.25

කන්නකි අම්මන් පාර, මහිලූර්, කලවන්චිකුඩි, මඩකලපුව

ඩබ්.එල්.ඕ.මානෙල් ලෝවි

කුවේට්

1998.12.18

අංක 4/45, ලුණුවිල, පුත්තලම

එම්.එච්.ෆාතිමා ෆර්සානා

කුවේට්

2011.10.29

අංක 1/42, දෙණිය පාර, දළුපත, මීගමුව

ආර්.එල්.චන්දිමා කුමාරි

කුවේට්

2013.03.20

අංක 3/බී/272, ඉහලඋඩුතුල, පැල්මඩුල්ල

මෙම සේවක මහත්ම මහත්මීන් පිළිබද තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112878244/ 0114380954 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

 

LIN

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිඛෙන දේශපාලන තත්ත්වය පිළිබද විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමට ගත් තීරණයට හේතු වූ ඉකුත් රජයේ පැවති ගැටලූ සහගත තත්ත්වය පිළිබද මෙහිදී ජනාධිපතිතුමා එම තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කළේය.

විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් සදහන් කර සිටියේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදු විය යුතු බව ඔවුන් අපේක්ෂා කරන බවයි.

රටේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව හා තමන් වෙත පැවරී ඇති බලතල අනුව  අග්‍රාමාත්‍යවරයා පත්කිරීම සිදුකළ බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා, නව රජය ලෙස නොබැඳි පිළිවෙත අනුව සියලූ රටවල් සමග පවතින සබදතා තවදුරටත් ශක්තිමත් ව පවත්වාගෙන යාමට සහ රජයේ සංවර්ධන කටයුතු සදහා සෑම රටකම සහය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සාමය සහ සියලූ ජාතීන් අතර සහජීවනය තව දුරටත් තහවුරු කරමින් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම නව රජයේ බලාපොරොත්තුව  බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩි දුරටත් සදහන් කළේය.

LIN

ඉරාකයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ රඳාවාන ප්‍රදේශයේ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරාකයේ ඇමරිකා කඳවුරු වල ඉහළ වැටුප් සහිත ආරක්ෂක නිළධාරි රැකියා අවස්ථා ලබා දෙනවා යැයි පැවසූ පුද්ගලයෙකුට අත්තිකාරම් මුදල් වශයෙන් රු.50,000.00 බැගින් පුද්ගලයින් 08 දෙනෙකු මුදලක් ලබාදී ඇති අතර අපේක්ෂිත පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් පුද්ගලයෙකු විසින් කාර්යාංශයට පැමිණිලි කරන ලදී. ඒ අනුව විමර්ශන නිළධාරීන් විසින් මෙම වැටලීම මෙහෙයවා තිබේ.

උපාය දූතයින් යොදවා මෙම විමර්ශනය සිදුකළ අතර එහිදී හෙලි වූ කරුණු අනුව අංක 428/10, විලමුලවත්ත, රඳාවාන ලිපිනයේ පදිංචි පයාගලගේ රෝෂිනී ජෝයි ප්‍රසිඩස් ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගන්නා ලදී. වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී අදාල සැකකරු ලියාපදිංචි බලපත්‍රලාභියෙකු  නොවන බවද අනාවරණය විය. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔක්තෝම්බර් 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ලක්ෂ 05 ක ශරීර ඇප මත නිදහස් කර 2018.11.30 වන දින දක්වා නඩුව කල් දමා ඇත.

LIN

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ලෙස පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරින් වැඩිදෙනකුගේ විශ්වාසය ඇති කෙනා බවත්  එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ මහතා  අගමැති ලෙස පත් කිරීමේ වරද වසා ගැනීමට  විවිධ දේ  පවසමින් සිටින බවත් හිටපු  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  අද (29 වැනිදා) සවස පැවසීය. වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ  අරලියගහ මන්දිරයේදී  විශේෂ ප්‍රකාශ කරමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

‘‘2015  වසරේදී ජනතාව ඡන්ද දුන්නේ රටේ දූෂණ  නැති කරන්නයි. අගෝස්තු මහ මැතිවරණයෙන් පසු අගමැති ලෙස මා පත් වුණා . අපි කටයතු කළේ ජාතික ආණ්ඩුවක් හැටියටි.

අපි  ස්වාධින කොමිෂන්  සභා ඇති කළා. තොරතුරු පනත ගෙනවා. ජනමාධ්‍ය නිදහස ඇති කළා. මහපරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. ඊයේ ජනාධිපතිවරයා මටත් කැබිනට් මණ්ඩලයටත් චෝදනා එල්ලා කළා. මං එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා.

ආණුඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ලෙස පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ  විශ්වාස වැඩියෙන් තියෙන කෙනාවයි. එහෙම නැතිව මහින්ද පත් කළා. දැන් වරද වහගන්න විවිධ දේ කියනවා. පොඩි ළමයෙකුවත් එහෙම කියන්නේ නෑ.

අපේ රට මුහුණ දී  ඇති අවාසනාවන්ත තත්ත්වයට විසදුම් ඇත්තේ පාර්ලිමේන්තුව තුළයි. දේශපාලන පක්ෂ  ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි.

මේ තත්ත්වය රටට හොඳ නෑ. අපි අමාරුවෙන් පාලනය කරන් ආව ආර්ථිකය කඩාගෙන වැටීගෙන යනවා. එජාපය සහ අනික් පක්ෂත් ප්‍රජාතන්‍ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන්න කැමතියි.

ව්‍යස්ථා විරෝධි ඒකාධිපති පාලනයකට ඉඩ දෙන්නෙ නෑ ‘‘ යයිද වික්‍රමසිංහ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ සිට කළ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

Ranil S 1

Ranil S 2

 

Ranil S 3

 

(උපුටා ගැනීම ලංකාදීප)

නීත්‍යානුකූල නොවන අයුරින් දකුණු කොරියාවේ රැදි සිටින ශ්‍රමිකයින් සදහා ස්වෙච්ඡාවෙන් එරටින් පිටවීම සදහා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. 2018 ඔක්තෝම්බර් මස 01 දින සිට 2019 මාර්තු මස 31 දක්වා එම පොදු සමාකාලය වලංගු වේ.

මෙම කාලය තුළ කොරියානු රටෙන් පිටවන ශ්‍රමිකයින්ට නීත්‍යානුකූල නොවන ආකාරයට එරට රැදීසිටිම නිසා පනවනු ලබන නැවත පැමිණිමේ තහනමද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කොරියානු රජය තීරණය කර ඇත. (නිතිවිරෝධි අයුරින් රැදීසිටිම හේතුවෙන් එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළහොත් වසර 10ක කාලයක් දක්වා නැවත පැමිණිමේ තහනමක් නිකුත් කරනු ලැබේ.)

මෙම පොදු සමාකාලය තුළ පිටත් නොවී තවදුරටත් නීතිවිරෝධි අයුරින් කොරියාවේ රැදිසිටින ශ්‍රමිකයින් අත්අඩංගුවට ගෙන කඩිනමින් එරටින් පිටුවහල් කිරීමට කටයුතු කරනු ඇත.

එසේම තමාගේ සුපුරුදු සේවා ස්ථානයට අමතරව තාවකාලිකව ඉදිකිරීම් කර්මාන්ත ආශ්‍රිතව සේවයේ යෙදීම නීත්‍යානුකූල නොවන හෙයින් එසේ සිදුකරන ශ්‍රමිකයින් වෙතොත් කොරියාවේ රැදී සිටිමට අවශ්‍ය කරන නීත්‍යානුකූල වීසා ඔවුන් සතුවුවද අත්අඩංගුවට ගෙන වහාම එරටින් පිටුවහල් කිරීමට කටයුතු කරයි.

තමාගේ ඥාතින් දකුණු කොරියාවේ නීතිවිරෝධිව රැදී සිටිනම් මෙම පොදු සමාකාලය තුලදී ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Page 5 of 761

නවතම පුවත්

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website