Latest News

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා කඩිනමින් ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

විදේශ රටවල් එකසිය හතළිස් තුනක රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් තිස්අටදහස් නවසිය අසූතුන් දෙනකු නැවත මව්රටට පැමිණීමට කැමැත්ත පළකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඊයේ (17) දිනයේ මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිතයින් 21 දෙනා අතරින් 19 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග‍්‍රහණයට අදට 11 වසරක් සපිරෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (18 වැනිදා) සවස පක්ෂ මූලස්ථානයේදී රැස්වෙයි.

1879 අංක 3 දරන නිරෝධායන රෝග සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතේ කොවිඩ් 19 සඳහා වූ නියෝග පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබුණි. මෙම ගැසට් නිවේදනය නීති කෙටුම්පත් කර සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කර ඇතත් මෙතෙක් ඊට අත්සන් තබා නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

උත්සව සහ විනෝදාස්වාද ඉසව් කර්මාන්තයේ නියැලී සිටින පිරිස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඔවුන්ගේ ආයතන නිසි පරිදි ව්‍යුහගත කර තෝරා ගන්නා ආයතන සඳහා සහතික පත්‍රයක් ලබා දීමේ ඉඩකඩ සොයා බැලීමටත්,කොරෝනා වසංගතය හේතුවෙන් උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් හා සැපයුම්කරුවන් මුහුණ දී සිටින දුෂ්කරතා සඳහා මුදල් අමාත්‍යාංශය හා බැංකු සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමටත් කටයුතු කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

බලපෑම්වලට මුහුණ දී සිටින අය වෙනුවෙන් මෙම රජය විසින් මෙහෙයවනු ලබන සීමිත ගුවන් ගමන්වලින් ප්‍රයෝජන ගනිමින්, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට සඳහා තීරණය කිරීමට පෙර, එසේ පැමිණීමෙන් ඔවුන්ගේ රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකාබලන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් මෙන්ම ශිෂ්‍යයින්ගෙන් සහ දෙමාපියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබේ. ඔහු (2020 මැයි 16) දින ශ්‍රී ලංකා රූපවාහිනියේ රාත්‍රී 9.00 ප්‍රවෘත්ති විකාශයට අදහස් දක්වමින්, ශ්‍රී ලාංකිකයන් 38,000 කට වැඩි පිරිසක් ආපසු සියරට පැමිණීමට අපේක්ෂා කරන බවත්, එයින් 28,000 කට ආසන්න සංඛ්‍යාවක් සංක්‍රමණික ශ්‍රමිකයන් වන බවත් සඳහන් කළේය. ලේකම්වරයා විසින් පළකරන ලද අදහස් පහත දැක්වේ.

දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දින 21 කට පසුව කොවිඩ් 19 ෙෙවයිරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට සිදුකරන පී.සී.ආර් පරීක්ෂණයට යොමුකිරීමට නියමිතව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

දිවයින පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන අද (17) දිනයේ ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසනවා.

නවතම පුවත්

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website