Latest News

රටපුරා කුණු කඳු 330 ක් තියෙනවා. මේ කැළි කසළ ප‍්‍රශ්නය ඉතාම බරපතල ප‍්‍රශ්නයක්. තවමත් ඇතැම් දේශපාලනඥයෝ මෙයත් සමග සූදු කෙළිනවා. මීතොටමුල්ලේ 33 දෙනෙක් කුණු කන්දකට යටවෙලා මැරිලත් මේ රටේ කාලකන්නි දේශපාලනයට තවම ඒක තේරිලා නැහැ. අද කොළඹ, පුත්තලම ඇතුළු සියළුම ප‍්‍රදේශවල කසළ ප‍්‍රශ්නය අවුරුදු 80 කට විසඳන්න, පුත්තලමේ හිරිගල් කඩලා විනාශ කරලා තියෙන වලවල්වල විද්‍යාත්මක  කසළ රඳවනයක් කරනවා. නමුත් සමහරුන්ට  ඕනේ ගමට වීරයා වෙලා මේක නතර කරන්න. ඒ ඇත්තන්ට කියනවා කරුණාකරලා මීතොටමුල්ලේ මිය ගිය අය වෙනුවෙන්වත් මේ විද්‍යාත්මක විසඳුමට ඉඩදෙන්න. මේ විසඳුම කඩා කප්පල් කරන්න එපා. මේ විසඳුම කඩාකප්පල් කරනවා කියන්නේ තමනුත්, තමන්ගේ රටත් විනාශ කරනවා කියන එකයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ පසුගියදා පැවැති කසල කළමණාකරණය පිළිබඳ සාකච්ඡාවකට සහභාගි වෙමිනි

අපි සියළු දෙනාම අනිවාර්යයෙන්ම කසළ කළමනාකරණයේ ඒ ගැටළුව විසඳන්න  ඕනේ. බොරු වීරයින්ගේ බොරු වීරකම් වගේ නෙමෙයි ඇත්තටම අපේ ජනතාවගේ සෞඛ්‍ය ප‍්‍රශ්නය අපේ රටේ අනාගතය, නාගරික සංවර්ධනය රැඳිල තිබෙන ගැටළුව අප විසඳිය යුතු යැයි ද පැවසීය.

LIN

පසුගිය පාලන සමයේ ශි‍්‍ර ලංකා ගුවන් සේවය මගින් රුපියල් ලක්ෂ 77.5 ක් වටිනා ව්‍යාපාරික පන්තියේ ටිකට්පත් ඇමරිකාවේ පිහිටි උපදේශක සමාගමට නොමිලේ ලබාදී ඇති බව ශ‍්‍රි ලංකන් සහ මිහින් ලංකා පිළිබද පවත්වන ජනාධිපති කොමිෂමේදී හෙළිවී ඇත.

මේ බව කොමිෂමට දන්වා ඇත්තේ මූල්‍ය අංශය භාර ප‍්‍රධානී යසන්ත දිසානායක මහතා විසිනි.

තවද මෙම ටිකට්පත් නිකුත් කිරීම සදහා මුලින් ඇස්තමේන්තු කරන ලද මුදල ඇමරිකානු ඩොලර් 67, 000 ක් වූ අතර පසුව එම ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් 517, 000 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතරතුර ශ‍්‍රි ලංකන් කේටරින් සේවාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයාට නොතිබූ බලයක් උපයෝගී කරගෙන රුපියල් මිලියන 130 කට ආසන්න කොන්ත‍්‍රාත් පිට පුද්ගලයන්ට සහ සමාගමවලට ලබාදී ඇති බව වාර්තා වේ.

දුරකතන ඇමතුම් ජාලයන් සුථාපිත කිරීම සදහා රුපියල් මිලියන 77 ක කොන්ත‍්‍රාත්තුවක් ලබාදී තිබුණ අතර එය සමාගම විසින් ස්ථාපිත කළේ නම් 50% ක වියදමින් එම කාර්යය කිරීමට හැකිව තිබූ බවයි.

LIN

ග‍්‍රාමීය අංශයේ සහ වතුකරයේ සීඝ‍්‍රයෙන් පැතිර යන ක්ෂුද‍්‍ර ණය ගැටලුව සහ අනවසර ක්ෂද්‍ර ණය ලබා දෙන ආයතන පාලනය සදහා ක්ෂද්‍ර ණය නියාමන අධිකාරියක් පිහිටුවීමට රජය සැලසුම් කර ඇත.

අහිංසක ජනතාවට ණය ලබාදීමේදී අදාළ ආයතන විසින් 20% සිට 200% දක්වා පොලී අයකරන අතර සමස්ත විශේෂයෙන ලංකාවේ උතුරුකරයේ, වතුකරයේ සහ ගොවි ජනපදවල ජනතාව මෙම ණය උගුලට හසුවී ඇත.

විශේෂයෙන් කාන්තාවන් කණ්ඩායම් වශයෙන් සංවිධානය කර ණය කඳවුරු පවත්වා ඔවුන්ව පොළඹවා ගෙන කණ්ඩායම් ණය ලබාදී ඇත.

2016 අංක 06 දරණ ක්ෂුද‍්‍ර ණය පනත මේ ආකාරයට සංශෝධනය කිරීමට රජය අදහස් කර ඇත. ඒ සදහා ශ‍්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටී.

LIN

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කළ යුතු බවත් පළමු වරට කොමිෂම වෙත විශේෂඥයින් බඳවා ගැනීමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

පරීක්ෂණ කොමිෂන් සභා ( සංශෝධන ) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

මෙම පනත වරින් වර සංශෝධනය වී තිබෙනවා. මෙම නීතිය රටට හඳුන්වාදී තිබෙන්නේ රටේ ආයතනය තුළ නීතිය ආධිපත්‍ය ආරක්ෂා කර ජනතා යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීම සොයා බැලීමටයි. කුමන හෝ ආයතනයක දූෂණයක් වී තිබෙනව නම් ජනතාවට, රජයට එයින් හානියක් වී තිබෙනවා නම් කරුණු ගවේෂණය කිරීමට මෙම පනත ක්‍රියාත්මක වූ දින සිට රටේ ක්‍රියාත්මක වෙන්නේ.

වෙනම විමර්ශන ආරම්භ කරලා, අධිකරණය ඉදිරියේ ඔප්පු කළ හැකි ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම් නඩු පැවරිය හැකියි. මෙය දෙවරක් කරන්න ඕන. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට සංශෝධන පනතක්  ඉදිරිපත් කළා. නීතියේ ආධිපත්‍ය ගැන පාර්ලිමේන්තුවේ කතා කරනවා. එය නිවැරැදි කරගන්න උත්සහ කරන විට එයට විරුද්ධ වෙනවා නම් එය විරුද්ධ වන අයගේ ප්‍රශ්නයක්. කොමිෂන් සභා පනතෙන් හෝ ජනාධිපති පරීක්ෂණ කොමිෂමෙන් යම් වරදක් ඔප්පු වී තිබුණත් දඬුවන් ලබාදිය නොහැකියි.ඒ සාක්ෂිය, වෙනත් නඩුවක දී ආවේෂය කර ගැනීම පමණයි කළ හැක්කේ.

මේ පනත් දෙකේම සම තත්ත්වයක් ඇති කර ගන්න හා විමර්ශන දෙකක් කිරීම අවම කර ගැනීම මෙම සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන්නෙ.අල්ලස් කොමිෂම ශක්තිමත් කිරීම නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. 2018 දී වරදකරුවන් 59 දෙනෙක් සිටිනවා. තවත් 33ක් අල්ලස් පනත යටතේ නඩු පවරා තිබෙනවා. වැටලීම් විශාල සංඛ්‍යාවක් කර තිබෙනවා. 2018 මේ දක්වා වැටලීම් 30ක් කර  තිබෙනවා.

පසුගිය නඩු කටයුතු බැලූ විට නිලධාරීන් පුළුවන් උපරිමයෙන් කටයුතු සිදු කරනවා. ආයතනය ඉතාමත් ශක්තිමත්ව කරගෙන යනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම ශක්තිමත් කළ යුතුයි. පලමු වරට කොමිෂමට විශේෂඥයින් බඳවා ගන්න යනවා. අපට ප්‍රමාණවත් සම්පත් හා විශේෂඥයින් නැහැ.

අල්ලස් පනතට ගේන සංශෝධනයෙන් සෑහිමකට පත් වෙන්න බෑ. වත්කම් බැරකම් පනත සංශෝධනය කළ  යුතුයි. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. විදේශ ගනුදෙනු වලදී අල්ලස් දීම්, මුදල් ගණුදෙනු ගැන පැහැදිළි නීතියක් නෑ. නියම යාන්ත්‍රණයක් නොමැති නිසා නීතිය ක්‍රියාත්මක කරන්න අපහසු වී තිබෙනවා. මේ පනත ජාතික අවශ්‍යතාවයක් බවද අමාත්‍යවරයා පැවසී ය.

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා අද ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා එම ධුරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සදහා මෙලෙස නලින් පෙරේරා මහතා පත් කරනු ලැබී ය 

LIN

කතා නිර්මාණය කිරීම සහ සැබෑ තත්වය පිලිබඳ කදිම නිදසුනක් වෙබ් අඩවිවල මේ වනවිට ප්‍රචාරය වෙමින් පවතී.

ඒ “අගමැතිගේ කතාව යද්දී ජනපති නැගිටයයි. මුලසුනටත් එන්න බෑ කියයි” හිසින් ඒ පුවත මහින්ද හිතවාදී වෙබ් අඩවිවල පළවී තිබේ.

නමුත් ඇත්තටම වුයේ සහමුලින්ම වෙනස් කාරණයකි. “ඉන්දියානු සාගරය  අප ගේ අනාගතය නිර්වචනය කිරීම” සමුළුව ජනපතිගේ සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඇරඹිණි.

ජනපති අගමැති ඇතුළු ප්‍රධාන ආරාධිතයන්ට සමුළුවේ වේදිකාවට ආරාධනා කෙරුණු අතර තමාට හදිසි කටයුත්තක් සඳහා කලින් පිටව යාමට ඇති හෙයින් ප්‍රධාන වේදිකාවට නොපැමිණ සභාවේ විශේෂ ආරාධිතයින් අතර සිටින බව ජනපති දන්වා සිටියේය.

ඒඅනුව අගමැති, කතානායක, විදේශ ඇමති ඇතුළු විදේශ නියෝජිතයෝ වේදිකාවේ අසුන් ගත්හ.

අගමැති සිය දේශනය කරන අතර ජනපති පිටත්ව ගියේ අගමැතිවරයාට අතින් සංඥාවක්ද කරමිනි. මේ සැබෑ සිදුවීම විකෘති කරමින් ඇතැම් වෙබ් අඩවි පළකර තිබුනේ ජනපතිගේ සහ අගමැතිගේ පැරණි චායාරූපයක්ද පළ කරමිනි.

LIN

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර විශේෂ හමුවක් ලබන සතියේදි සිදුවේ.

නවදිල්ලි නුවරදී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර මේ හමුව සිදුවෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරවාරයේදීය.
ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේදීත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය 2020 දිත්පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ඉන්දියා
අග්‍රාමාත්‍ය හමුව අතිශය තීරණාත්මක වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය ප්‍රමුඛස්ථානය දෙමින් පුවත් පළ කර තිබුනි.

LIN

නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ මුහුණ පොතෙන් උපුටාගත් අනූපමා ගනේගොඩ මහත්මිය විසින් ලියන ලද සටහනකි.

රජය විසින් දුප්පතුන් සඳහා කරන ව්‍යාපෘති වලට මෙම සටහන අදාළය. ඒ ගැන රාජ්‍ය පාලකයින්, රාජ්‍ය පාලකයින් පිනවීම සඳහා විවිධ ව්‍යාපෘති යෝජනා කරන හිතවතුන් හා ඒවා ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරින්ට මෙම සටහන ඉතා වැදගත්ය. නිදහසේ කියවන්න.

‘‘ මට ටිකක් කතා කරන්න දෙන්නැයි ඉල්ලමින්... සභාවේ හුන් තරුණියක් සිය අසුනින් නැගිට ගත් බැවින් අවධානය ඇය කෙරේ යොමු විය.
‘‘ මට හරි දුකයි. මගේ ගම ද්‍රරිද්‍රතා වසමක් ලෙස නම් කිරීම ගැන. සර් අපි දුප්පත් නෑ... අපිට කිසි දෙයක් එපා..මට එක දෙයක් ගැන දැනගන්න පුළුවන්දැයි ඇය අසයි.. ඇගේ කටහඩ තියුණුව, සෘජුය. ඊට සභාවේ සිටි රාජ්‍ය නිලධාරීන් පවා තිගැස්සුණු බව සහතිකය. 
"ඔව් කියන්න..." ඒ දිසාපතිවරයාගේ හඬය. 
============================
එක් පසෙක ග්‍රාමශක්ති වැඩසටහනට අදාළ ක්ෂේත්‍ර නිලධාරීනුත් අනෙක් පසින් ග්‍රාමශක්ති ජනතා සමිතිවල සාමාජිකයිනුත් දිසාපතිවරයාට සවන් දෙමින් සිටියේ පවර් පොයින්ට් ඉදිරිපත් කිරීම අතරතුරු දිසාපතිවරයාගේ පැහැදිලි කිරීම සමගිනි. ග්‍රාමශක්ති වැඩසටහනට අදාළව බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දරිද්‍රතා වසමක් ලෙස හඳුනාගත් නෙළුවක්කන වසම පිළිබඳ සමාලෝචනය වෙමින් පැවතිණි. ඊලඟ එකට යමු යැයි දිසාපතිවරයා සහකාර අධ්‍යක්ෂිකාව වෙත සන් කළේය. 

‘‘ මට ටිකක් කතා කරන්න දෙන්නැයි ඉල්ලමින්... සභාවේ හුන් තරුණියක් සිය අසුනින් නැගිට ගත් බැවින් අවධානය ඇය කෙරේ යොමු විය.

‘‘ මට හරි දුකයි. මගේ ගම ද්‍රරිද්‍රතා වසමක් ලෙස නම් කිරීම ගැන. සර් අපි දුප්පත් නෑ... අපිට කිසි දෙයක් එපා..මට එක දෙයක් ගැන දැනගන්න පුළුවන්දැයි ඇය අසයි.. ඇගේ කටහඩ තියුණුව, සෘජුය. ඊට සභාවේ සිටි රාජ්‍ය නිලධාරීන් පවා තිගැස්සුණු බව සහතිකය. 

ඔව් කියන්න... ඒ දිසාපතිවරයාගේ හඬය. 

‘‘සර් අපේ ගමට එනවා යැයි කියලු අයිරෝඩ් එකට මොකද වුණේ... මුල්ගල් තියලා අවුරුදු 4 ක්. කරුණාකර මට පැහැදිලි උත්තරයක් දෙන්නැයි ඇය ඉල්ලන්නීය...

කෑගල්ලේ අයිරෝඩ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යාන්ත්‍රණය එතරම් සාර්ථක එකක් වී තිබුණේ නැත. අයිරෝඩ් ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් සිදුකළ දිසාපතිවරයා ගමේ පාරක ප්‍රශ්නයක් ඇතොත් එය විසඳීමට පියවර ගන්නා බව සඳහන් කළේය. 

‘‘ සර්... අද අපේ ගමේ මළගෙදරක් වෙලා තිබුණා. මං මෙහෙට ආවේ එහෙ ගිහින්. විශ්වාස කරන්න ඒ මළගෙදරට අපි ගියේ ගස් ගල් දිගේ එල්ලිලා. කොහොම පෙට්ටිය ඒ ගෙදරට ගෙනිච්චද කියලා අපි දන්නෙ නෑ... අපේ ගමේ හුඟක් තේ තියනවා. ඒත් දළු ටික කඩලා ලොරියට අරන් එන්න පාරක් නෑ.. ඒකට අපි කාට හරි සල්ලි දීලා තමයි දළු ගෝනි ටික කරෙන් පාරට අරන් යන්න ඕන... ඇගේ කඩහඩ බිඳී යයි. 

අපේ ගමට ඇතුළු වෙන්න ඕන පාලමකින්. පිට වෙන්නත් ඕන පාලමකින්. වැස්සක් වැස්සොත් ඔය උතුරුලා අපි ගමේ කොටු වෙනවා. සර් රෑක හදිස්සියේ ලෙඩක් හැදුණොත් ලෙඩා ස්පිරිතාලෙට ගෙනියන්න බෑ. එහෙම වෙලා ගමේ මිනිස්සු ඕන තරම් මැරිලා තියෙනවා.... දෑස්වල කඳුළු පිසිමින් ඇය ඉල්ලා සිටියේ එක් දෙයකි.

සර්.... ග්‍රාමශක්ති එකෙන් වත් අපිට පාර හදලා දෙන්න....

මේ සියල්ල සාවධානව අසා හුන් දිසාපතිවරයා ‍නෙළුවක්කනට වෙනත් ක්‍රමවේදයකින් කෙසේ හෝ පාර හදා දීමට පියවර ගන්නා බව සඳහන් කළේ ග්‍රාමශක්ති වැඩසටහනේ යටිතල පහසුකම් සඳහා ලැබෙන ප්‍රතිපාදන ඊට ප්‍රමාණවත් නොවන නිසාය. තමන් පෞද්ගලිකව නෙළුවක්කනට පැමිණෙන බව දිසාපතිවරයා ඇයට පැවසුවේය.

සර්... එනවා නම් උදෙන්ම එන්න. බැරිවෙලාවෙවත් වැස්සොත් සර්ට ආපහු යන්න ලැබෙන එකක් නෑ.... 

කෑගල්ලේ දිසාපතිවරයාගේ වචන වලින්ම සඳහන් කරන්නේ නම් මේ අප නිදහසින් පසු ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල සාරාංශයයි.

ඇගේ කතාවෙන් පසු නැඟී සිටියේ එම වසමේම මැදිවිය පසුකළ ගොවි මහතෙකි.. ඔහුටද අවනඩුවක් ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.

‘‘ සර්.... අපි වගා කරන එක නතර කරලා තියෙන්නෙ සර්... රිලවු අපේ සියළුම භෝග විනාශ කරලා දානවා. මං මේ රැස්වීමට එන්න එද්දිත් මගේ අගේ තියෙන මේ මල්ල උඳුරා ගන්න උන් මා පස්සෙ පැන්නුවා.... මොකක් හරි කරලා මුන් මෙහෙන් අයින් කරන්ඩ සර්....මෙහෙම ගියොත් අපිට කන්ඩ බොන්ඩවත් බැරිවෙයි. තවදුරටත් කතා කළ නොහැකි තරමට ඔහුගේ වදන් පටැලේ. අව් වැසි, නිරන්තර ගංවතුර හා නොසැලි ඔට්ටු වූ ඔහුගේ පිරිමි ආත්මය සසල කළ හැකි තරමට කෑගල්ලේ රිලා වසංගතය ප්‍රබලය.
මේ කතා බහ අතරේ බුලත්කොහුපිටියේ නිෂ්පාදන වසම බවට පත්වූ අම්පාගල වසමේ ක්ෂුද මූල්‍ය ආයතන විසින් සිදුකරන ගසා කෑමද කරළියට පැමිණියේය. දශක පහකට පමණ එපිට දී සිට කුළුබඩු නිෂ්පාදනය කරන අම්පාගල වසම මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය මංකොල්ලයට හසුවී සිටී. මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් අහිංසක ගැමියන් රවටා ගනිමින් 150% කට වඩා පොලියකට ණය ලබා දී ඔවුන් දුක් මහන්සියෙන් උපයා ගන්නා සෑම රැපියල්ම දෛනිකව හූරා කති. කුළුබඩු නොව රත්තරං පැකට් කළද මේ අහිංසක ගැමියනට ගැලවීමක් නැත. 

මේ සියළු කාරණා එක් වසමකට පමණක් ලඝු නොවේ. අඩු වැඩි වශයෙන් කෑගල්ලේ වර්තමාන සමාජ ආර්ථික තත්ත්වය සමන්විත වන්නෙ එවැනි කාරණා සමූහයකිනි. බොහෝ විට ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්කවලත් මේ හා සමාන කරුණා කාරණා රැසක් අදාළ වනු ඇත. කොතැනක නමුත් වරදක් සිදුව ඇත. විශේෂයින් ද්‍රරිද්‍රතාව තුරන් කිරීම සඳහා නිදහසින් පසු අප ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සියල්ලම පාහේ කිසියම් ප්‍රගතියක් පෙන්වුවද මුඛ්‍ය පරමාර්ථ ඉටු වී නැත. ඒවා සාර්ථක වූයේ නම් අපේ ජීවන තත්ත්වය මීට වඩා සුවපහසු වනු ඇත.

සංවර්ධන ව්‍යාපෘතියක ආත්මය වන්නෙ රාජ්‍ය නිලධාරියා යැයි කීම අපව තිගස්සන කාරණයක් වුවද අවසානයේ දී පිළිගත යුතු සත්‍ය එය වී තිබේ. ග්‍රාමශක්ති වැනි ගම්දනව් වැසියන්ගේ ආර්ථිකය නඟා සිටුවීම් ජාතික වැඩසටහනක් තවත් එක සම්ප්‍රදායික සංවර්ධන ව්‍යාපෘතියක් කිරීම හො නොකිරීම ඇත්තේ රාජ්‍ය නිලධාරීයා අතය.

කෑගල්ලේ ග්‍රාමශක්ති වැඩසටහන නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම කෑගල්ලේ වත්මන් දිසාපතිවරයා කටයුතු කරන්නේ මේ දැනුම් අතැතිවය. සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන ලෙස ග්‍රාමශක්ති ජනතා සමිති පිහිටු වීමෙන් අනතුරුව සෑම සමිතියකම ජනතා නියෝජිතයින් හා නිලධාරීන් අතර හමුවක් සංවිධානය වේ. මේ හමුව සිදුකිරීමට පෙර ග්‍රාමශක්ති වැඩසටහනට සෘජු දායකත්වයක් දක්වන නිලධාරීන් මෙන්ම එහි තමන්ගෙ කොටස හඳුනාගන්නා ක්ෂේත්‍ර නිලධාරීන් ( මේ සඳහා එක් වසමකට අවම වශයෙන් ක්ෂේත්‍ර නිලධාරීන් 8 ක් සිටිති) තෝරා ගත් වසම් වල තත්ත්වය සිය අධීක්ෂණයෙන් තහවුරු කර ගත යුතු අතර තමාට අයත් කාර්යභාරය හඳුනාගෙන තිබිය යුතුය. ( කෑගල්ලේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකම වසම් තුනක් ග්‍රාමශක්ති වැඩසටහනට තෝරාගෙන තිබේ)

මේ හමුව සඳහා පෞද්ගලිකව සහභාගීත්වය සපයන දිසාපතිවරයා ජනතා නියෝජිතයින් හා නිලධාරීන් සම්මුඛ කරමින් එහි ගැටළු හා වර්ධනය කළ යුතු තත්ත්වයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් හිමිකර දීමට මැදිහත් වේ. විශේෂයෙන් අගය දාම එකතු කළ යුතු නියමිත ස්ථානය පිළිබඳ පැහැදිලි දසුනක් නිලධාරීන් වෙත හිමිවීමට මෙම හමුව වඩාත් වැදගත්ය. සෑම වසමක්ම අධීක්ෂණ කටයුතු සඳහා අදාළ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් තිදෙනෙක් ස්ටාර් ඔෆිසර් ලෙස නම් කර තිබේ. වසමේ සෑම කටයුත්තක්ම ඔවුන්ගේ පෞද්ගලික අධීක්ෂණයෙන් යුතුව සිදුකෙරේ.මෙවැනි මොඩියුලයක් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ කෑගල්ලේ පමණකි. ඒ පිළිබඳ ගෞරවය කෑගල්ල දිසාපතිවරයාට අවිවාදයෙන් හිමිය. ඒ හමුව නිමවන්නේ ඉදිරි වැඩසටහන් රැසක් යෝජනාවලියක් සමඟිනි. දිසාපතිවරයාගේ මැදිහත්වීම එතනින් අවසන් වන්නේ නැත. එය අවසානය දක්වා නොනවතින ක්‍රියාවලියකි.

විශේෂයෙන්ම ගමේ සිටින ව්‍යවසායකයින් ප්‍රවර්ධනයේලාත් නව ව්‍යවසායක අවස්ථා නිර්මාණය කිරීම සඳහාත් ඇති ශක්‍යතාව හා එහි බෙදුම් රේඛාව නිලධාරීන් විසින් පැහැදිලිව හඳුනාගත යුතුව තිබේ. . ක්‍රියාත්මක කළ බොහෝ සංවර්ධන ව්‍යාපෘති හරහා සිදුව තිබුණේ දුප්පත් කම විතැන් කිරීමක් මිස සමෘද්ධිය අත්පත් කර ගැනීමක් නොවේ. ව්‍යවසායක අවස්ථා නිර්මාණය කළ යුත්තේ තවෙකෙකුගේ ආදායම් මාර්ගයකට හානි පැමිණෙන ලෙස හෝ තවෙකෙකුගේ සෞභාග්‍යයෙන් කොටසක් ඉල්ලා ගැනීමෙන් නොව නවෝත්පාදන නිෂ්පාදනයක් මඟින් වෙළෙඳපල ජයගැනීමෙන් හරහා පමණකැයි රාජ්‍ය නිලධාරින් සිහිය පිහිටුවා ගත යුතු මොහොතට අපි එළඹ සිටිමු. ග්‍රාමශක්ති වැඩසටහන ක්‍රියාත්මක කළ යුත්තේ එවැනි ප්‍රවේශයක් අනුවය.

එබැවින් ජූකී මැෂිමක් ලබා දී හෝ හදුන් කූරූ නිෂ්පාදනයට පුහුණුවක් දී රාජ්‍ය නිලධාරීයාට අතපිසදා ගැනීමට නොහැකිය. සාම්ප්‍රදායික රාජ්‍ය සේවයෙන් ඔබ්බට ගිය , හිතවාදී ආකල්ප වලින් පිරිපුන්, එළඹි සිහි ඇති නිර්මාණශීලී රාජ්‍ය නිලධාරීන් ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට අවැසි වන්නේ මෙතැනදිය. ඒ රාජ්‍ය නිලධාරියා තමන් තුළ සිටිදැයි සියළු රාජ්‍ය නිලධාරීන් මේ මොහොතේ තමන්ගේ හර්ද සාක්ෂිය සමඟ ලිට්මස් පරීක්ෂාවක් සිදුකර ගත යුතුව ඇත.

by - Anupama Ganegoda

https://www.facebook.com/sudarshana.gunawardana/posts/10156803231388184

LIN

“2015 ජනවාරි මස 8 වැනිදා අපට ලැබුණේ රාජ්‍ය මූල්‍ය කාල බෝම්බයක්. අද ඊයේ ඉපදුණ අතදරුවෝ වගේ විපක්ෂයේ අය කතා කරන නිසා මේ ගැන ටිකක් මතක් කරන්න ඕනෙ. 1990 දී 20%ක් වුණ රටේ ආදායමට සාපේක්ෂව රාජ්‍ය ආදායම 2014 දී 11.4% දක්වා කඩා වැටුණා. ඒ වගේ ම තමයි රාජ්‍ය ආදායම වාර්ෂික වැඩිවීම 2006 දී 25.8% සිට 2015 දී 5.1% දක්වා කඩාගෙන වැටුණා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම වැඩි වුණා.

අද ආර්ථිකේ ගැන කතා කරන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා මුදල් ඇමැති කාලේ 2012 දී මාස තුනක් තුල රුපියල 14%කින් අවප්‍රමාණය වුණා. ඒක වලක්වා ගන්න බිලියන 4.1ක් වියදම් කළා. අපනයන අඩපණ වුණේ එතුමගේ කාලේ. 2000 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 33%ක් වුණ අපනයනය 2014 වෙද්දි 14%ට බැස්සුවා.

රුපියල කඩාවැටීම කියන්නේ ආර්ථිකය කඩා වැටීම නෙවෙයි. අපි ගමන් කරමින් ඉන්නේ අපනයන ආර්ථිකයක් කරා. මේ අර්බුදය හමුවේ ඉතාම පැහැදිලිව පේනවා අපි නිවැරැදි මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටින බව. මේ සියලු දේ හමුවේ අපි සංවර්ධන අඩු කරලා නෑ. අධිවේගී මාර්ගවල කටයුතු කෙරෙනවා. බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය අවසන් අදියරට ළගා වෙලා තියෙනවා.

මුදල් අමාත්‍යවරයා මේ ව පැවැසුවේ සිරිකොත මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

LIN

පාසැල් අධ්‍යාපනය එකේ ඉදන් 13 වෙනකන් අනිවාර්ය කරලා තියෙනවා. මං හිතන්නේ එන අවුරුද්ද වෙයි ද ඊලග අවුරුද්ද වෙයි ද දන්නේ නැහැ කොහොම හරි දරුවන් පාසල් යැවුවේ නැත්නම් දෙමව්පියන්ට නඩු පැවරීමේ අයිතිය අපිට තියෙනවා.

දරුවා ගෙදර තියන් ඉන්නනවැයි කියලා ඒ මොකටද කරන්නේ අපි රටක් හැටියට අවුරුදු 70 ක් විතර ආපස්සට ගිහිං තියෙන්නේ අපි හදනවා ඒ ගොල්ලෝ ඇවිත් විනාශ කරනවා. ඒක තමයි ඉතිහාසයේ හැමදාම වුණේ අද කවුරුත් කවුරුත් කථා කරන්නේ නැහැ.

අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මේ බව පැවැසුවේ ඇඹිලිපිටියදී පැවැති උත්සවයකදීය.

LIN

නවතම පුවත්

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website