Sunday, 06 August 2017 07:26

ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන්ට නරක කාලයක්‌?

සංවර්ධන ව්‍යාපෘති හා විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගැනීම සඳහා සිදු කරනු ලබන කටයුතු හේතුවෙන් ලෝකය පුරා පරිසරය තර්ජනයට ලක්‌ ව තිබේ. මේවායින් ඇති විය හැකි විවිධ පරිසර පද්ධතිවලට සිදු වන හානි, ඛණිජ හා වෙනත් සම්පත් සූරාකෑම, පරිසර දූෂණය, භූමියේ අයිතිය අහිමි වීම හා ජනතාව අවතැන් වීම වැනි විවිධ ගැටලුවලට එරෙහි ව ලෝකය පුරා සැම රටක ම පාහේ පරිසර ක්‍රියාකාරීහු සටන් කරති.

මේ අරගල හෙවත් පාරිසරික ගැටුම්වල දී ඔවුන්ට ඇතැම් විට මුහුණ දීමට සිදු වන්නේ බරපතළ අභියෝගවලට ය. ඔවුන් ගේ හඩ නිහඩ කිරීමේ අරමුණින් එල්ල වන විවිධ තර්ජන මේ අභියෝග අතර වේ.

මේ තර්ජන එල්ල වන පාර්ශ්ව ගණනාවක්‌ ද හඳුනාගත හැකි ය. අදාළ රටේ රාජ්‍ය තන්ත්‍රය හා ආරක්‌ෂක අංශ මේ අතර වේ. එසේ ම අදාළ පරිසර අපරාධවලට දායක වන සමාගම් හා ව්‍යාපාරිකයන් ගේ ආරක්‌ෂකයන් මෙන්ම ඔවුන් විසින් මෙහෙයවනු ලබන මැර කණ්‌ඩායම් මගින් ද මේ ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වේ.

මේ තර්ජනවල අවසානය වන්නේ පරිසරය වෙනුවෙන් සටන් කළ ඇතැම් පරිසර ක්‍රියාකාරිකයන් මරාදැමීමයි. අතීතයේ සිදු වූ මෙවැනි ඇතැම් ඝාතන ඉතිහාසගත වී ඇත. බ්‍රසීලයේ ජීවත් වූ ෆ්‍රeන්සෙස්‌කෝ චිකෝ මෙන්ඩෙස්‌ ගේ ඝාතනය (1988), නයිජීරියානු බලධාරීන් විසින් කෙන් සාරෝ විවා එල්ලා මරනු ලැබීම (1995) එවැනි මතකයේ රැඳුණු සිදුවීම් කිහිපයකි.

vidusara

Education News

කොහොඹ

29 June 2017

Stats

There are 28592 listings, 821 categories and 101 owners in our website