Thursday, 11 April 2019 09:02

ටොමා­හෝක් සමා­ගමෙන් නව­තම පාපැදි රැසක්

පාපැදි ලෝකයේ විසි වසරක අභිමානවත් ඉතිහාසයක් ඇති ටොමාහෝක් බයිසිකල් සමාගම උත්සව සමයට ආකර්ෂය බයිසිකල් මාදිලි රැසක් වෙළෙඳපොලට හඳුන්වා දෙයි. බ්ලැක් එක්ස්, මැක් එක්ස්, ලෙනොක්ස් බයිසිකල් හා නැවිය හැකි (Folding Shock) බයිසිකලයත් මේ මාදිලි අතර වෙයි.

දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් පාපැදි ගමන විනෝදයක් කරන ටොමාහෝක් බයිසිකල් ජීවිතයේ ත්‍රාසජනක අත්දැකිම්වලට නව අරුතක් සපයයි. දශක දෙකකට පෙර ටොමාහෝක් බයිසිකලය මෙරටට හඳුන්වා දුන් අවස්ථාවේ පටන් එය දේශිය පාපැදි වෙළෙඳපොලේ පෙරළිකාර තේරීම බවට පත් විය. පිරිමි, කාන්තා, ළමා සහ ක්‍රීඩා සඳහා උචිත බයිසිකල් සන්නාමයක් වශයෙන් ටොමාහෝක් ජනතා විශ්වාසය ඉහළින්ම දිනා සිටී.

ජව සම්පන්න තාරුණ්‍යයට ඔබින ආකර්ෂය පෙනුමක් ඇති මැක් එක්ස් හා බ්ලැක් එක්ස් බයිසිකල් වයස අවුරුදු 10ට වැඩි ළමයින්ටද, ලෙනොක්ස් බයිසිකලය වයස 16ට වැඩි යෞවනයන්ටද හඳුන්වා දී ඇත. මවුන්ටන් බයිසිකල් ගණයට අයත් මේ බයිසිකල් මාදිලි සියල්ලම ද්විත්ව ඩිස්ක් බ්රේක් පද්ධතියකින් හා වේග 18කින් සමන්විත වන අතර බයිසිකල් සැකිල්ලට වසර 11ක වගකීමක්ද සහිතය. ශ්‍රී ලංකාවේ බයිසිකල් අලෙවියේ ප්‍රමුඛයා වන ටොමාහෝක් බයිසිකල් සමාගම දරුවන්ගේ අධ්‍යාපනයට සහය දෙන සුජය ශිෂ්‍යත්ව වැඩමුළුවද ක්‍රියාත්මක කරයි. පුළුල් පරාසයක විහිදුණු බයිසිකල් මාදිලි රැසක් කොළඹ 04, ගාලු පාරේ, අංක 245/බී දරන ස්ථානයේ (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ඉදිරිපිට) පිහිටි ටොමාහෝක් බයිසිකල් ප්‍රදර්ශනාගාරයෙහි ඇත. අලෙවියෙන් පසු විශිෂ්ට සේවයක් සපයන ටොමාහෝක් සමාගම දැන් tomahawkbike.webxpay.com වෙබ් අඩවිය ඔස්සේ ඔබට නිවසේ සිටම බයිසිකලයක් ඇණවුම් කර ගෙන්වා ගැනීමේ පහසුවද සලසයි.

(දිනමිණ)

Education News

Stats

There are 28607 listings, 863 categories and 102 owners in our website