Friday, 12 April 2019 08:22

කළු කුහරයේ පළමු ඡායාරූපය නිකුත් වෙයි


අභ්‍යවකාශයේ අභිරහසක්ව පැවති කළු කුහරයේ ඡායාරූපයක් පළමු වරට යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයන් ලබාගෙන තිබේ.

මෙය විශ්මය ජනක පිහිටිමක් බවයි ඔවුන් සඳහන් කරයි.

මෙම කළු කුහරය පිළිබද ගවේෂණය සඳහා ඒ වෙත යවා ඇති Event Horizon Telescope නම් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙම ඡායාරූප ලබාගෙන තිබෙන අතර ඒ අනුව මෙය කිසි ලෙසකින්වත් සිතුවමක් හෝ පරිගණක ආශ්‍රිත සිතුවමක් නොවන බවද ඔවුන් අවධාරණය කරයි.

කළු කුහරයට කිලෝ මීටර ටි‍්‍රලියන පන්සියයක් දුරින් ස්ථාන ගතකර ඇති දුරේක්ෂ අටක ආධාරයෙන් ඡායාරූපය ලබාගෙන තිබේ.

එහි සම්පූර්ණ තොරතුරු අද ප‍්‍රකාශයට පත්කිරිමට නියමිතය.

කළු කුහරය සූර්යා මෙන් බිලියන 6.5ක ස්කන්ධයකින් යුක්තයි.

දැනට පවතින අදහසට අනුව අභ්‍යවකාශයේ පවතින රික්තක ශෝධක කලාපයක් ලෙස මෙම කළු කුහර හැඳින්වේ. මෙහිදී ඕනෑම ආලෝකයක සිට විශාල ප්‍රමාණයක ග්‍රහවස්තුවක් දක්වා ගිල ගැනීමේ හැකියාවක් මෙම කළු කුහර සතුව පවතින බව පොදු අදහසවේ.

(දිනමිණ)

Education News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website