Monday, 15 April 2019 10:48

බිඳ වැටුණු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යළි යථාතත්වයට

ලොව පුරා බිඳ වැටීමට ලක්ව තිබූ සමාජ මාධ්‍ය ජාලා මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව ශ්‍රි ලංකා පරිවර්තන සමූහය පවසයි.

ඊයේ(14) පස්වරු 04.00 සිට රාත්‍රි 10 වන තෙක් ෆේස්බුක්, ඉන්ස්ටර් ග්‍රෑම්, වට්සප් යන සමාජ මාධ්‍ය ජාලා බිඳ වැටීමට ලක් වුණි.

මෙම බිඳ වැටීම ලෝව පුරා රටවල් කිහිපයකට බලපෑ අතර මෙරට සාමාජ ජාලා මාධ්‍ය ජාලා ද ඒ හරහා බිදවැටීමට ලක්වූ බව ශ්‍රී ලංකා පරිවර්ථන සමූහය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ සමග අදහස් දැක්වමින් ශ්‍රී ලංකා පරිවර්ථන සමූහයේ සහභාපති රජිව් යසිරු මැතිව් මහතා මේ බව සඳහන් කළේය.

(අද දෙරණ)

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website