Wednesday, 17 April 2019 09:04

Raavana -1 නැනෝ චන්ද්‍රිකාව 18 වෙනිදා අලුයම 2.16ට අභ්‍යවකාශගත කරයි..!

ශ්‍රී ලාකීය ඉන්ජීනෙරුවන් දෙපලක් වන තරිදු දයාරත්න සහ දුලානී චාමිකා විසින් නීර්මාණය කල ප්‍රථම ශ්‍රී ලාංකීය නැනෝ චන්ද්‍රිකාව Raavana-1 සහිත ඇමරිකාවට අයත් Antares රොකට්ටුව දියත් කිරීමට සූදානම්.n ඒ මේරට වේලාවෙන් 2.16 am (18th April 2019). ඇන්ටාරෙස් රොකට්ටුව අධාරයෙන් අභ්‍යවකාශගත කෙරෙන සිග්නස් අභ්‍යවකාශ යානය මඟින් ( Cygnus resupply spacecraft ) එය ජත්‍යන්තර ඇභ්‍යවකාශ මධ්‍යස්ථානය ( ISS )වෙත රැගෙන යනු ඇත.

චන්ද්‍රිකාව නිර්මාණය වුනේ ජපානයේ කියුෂු සරසවියේ BIRDS නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේයි.මගේ රට වෙනුවෙන් එහි පුරවැසියන් හැටියට ඔබ දෙපළට සහ ආතර් සී ක්ලාර්ක් ආයතනයට බොහෝම ස්තූතී. සියල්ල නිවැරදිව හරියටම සිදුවේවා යි පතමි.

ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා තාක්ෂණ සිහිනය යථාර්ථයක් කරමින් අප රටේ ප්‍රථම චන්ද්‍රිකාව ලෙස රාවණා 1 නැමැති නැනෝ චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ ජපානයේ කියුෂු සරසවියේදී ශ්‍රී ලාංකික පර්යේෂක දෙපලක් වන දුලානි චාමිකා හා තරිදු දයාරත්න ගේ දායකත්වයෙන්. ජපානයේ කියුෂු සරසවියේ කියුටෙක් නැමති තාක්ෂණික පර්යේෂණ අංශය විසින් පවත්වාගෙන යන් ලබන BIRDS නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවූ චන්ද්‍රිකාවට අමතරව නේපාලය හා ජපානය වෙනුවෙන් නිපදවූ නැනෝ චන්ද්‍රිකා දෙකකුත් මෙම ව්‍යාපෘතිය යටතේ නිපදවනු ලැබූවා. මෙම වන්ද්‍රිකාවල නිර්මාණ කටයුතු පසුගිය පෙබරවාරි මාසයේදී අවසන් වූ අතර ඒවා ඉන් අනතුරුව ජපාන ගුවන් හා අභ්‍යවකාශ ගවේශණ ඒජන්සිය වෙත බාරදෙනු ලැබූයේ ඉදිරි වැඩකටයුතු සඳහායි. ඒ අනුව මෙම චන්ද්‍රිකා ත්‍රිත්වය 18 වන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ඇමරිකානු ඇන්ටාරෙස් රොකට්ටුවක් අධාරයෙන් අභ්‍යවකාශගත කෙරෙන සිග්නස් අභ්‍යවකාශ යානය මඟින් ප්‍රවාහනය කිරීමට මේ වන විට සියල්ල සූදානම්ව පවතී.

Antares rocket is ready now.

Raavana-1  NepaliSat-1 Uguisu satellites will be launched this Thursday(17th April 2019) at 4.46 pm(EDT) by Antares rocket, which will carry the Cygnus cargo spacecraft .The satellites will be taken to International space station as a cargo.
Launch time in Sri Lanka, 2.16 am (18th April 2019)

Live Stream link from NASA :  www.nasa.gov/multimedia/nasatv/

Eureka Gangabada

(අපේ රට)

Education News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website