Thursday, 09 May 2019 08:24

වසර මිලියන පන්සීයක් පැරණි ග්‍රේට් කැනියන් නිම්නය

ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඊශාන දිග ප්‍රදේශයේ පිහිටි ග්‍රේට් කැනියන් නිම්නය නිර්මාණය වී තිබෙන්නේ ඒ මතින් ගලායන අපූරු ජල ප්‍රවාහනයන් නිසයි. භූ විද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙම නිර්මාණය වසර මිලියන පන්සීයක් තරම් පැරණි බවයි. එම මතය සනාථ කරන්නට සමත් සත්ව හා මානව ‍පොසීල රාශියක් මෙම ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

මෙම ‍පොසීල වලින් වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙන්නේ නිම්නයේ පහළ ප්‍රදේශ වලින්. සුප්‍රකට කොලරාඩෝ ගංගාවද ගලා බසින්නේ ග්‍රේට් කැනියන් නිම්නය ඔස්සේයි. ඉතාම ඉක්මනින් වෙනස් වන සුළු ඇදහිය නොහැකි තරම් වූ වෙනස්කම් වලට ලක්වන කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙන මෙම ප්‍රදේශය ඒ නිසාම දේශගුණික කලාප කීපයකටම අයත් ශාක හා සත්ව විශේෂ දැකිය හැකියි.

දැඩි වියළි කාලගුණ තත්වයක් නිරතුරුවම දැකිය හැකි ග්‍රේට් කැනියන් නිම්නය තුළ ඉතාම සෙමෙන් ගලන ජල ප්‍රවාහයන් කීපයක්ද පැවතීම ඉතාම විරල පිහිටීමක් බවත් සඳහන් කළ හැකියි. මෙම දොරුව (නිම්නය) සැතපුම් දෙසීය අනූවක් පමණ දිගින් යුතු අතර සැතපුම් දහයක් පමණ පළලයි.

(ළක්බිම)

Education News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website