Tuesday, 14 May 2019 08:39

OPPO වෙතින් Avengers වෙනුවෙන් නිමැයුමක්

Avengers: Endgame වෙනුවෙන් F11 Pro Marvel’s Avengers LimitedEdition දුරකථනයක් හඳුන්වා දෙන බව OPPO පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේ ය. මෙය OPPOරසිකයන්ට පමණක් නොව ලොව පුරා විසිරී සිටින Avengers: Endgame රසිකයන්ටද සුවිශේෂීඅත්දැකීමක් වනු ඇත. ශ්‍රී ලංකාවට අමතරව තායිලන්තය, ඉන්දුනීසියාව, ලේසියාව,කාම්බෝජය,

පිලිපීනය, වියට්නාමය, පාකිස්ථානය, මියනමාරය, බංග්ලාදේශය, නේපාලය, ඊජිප්තුව,මොරොක්කෝව, කෙන්යාව, නයිජීරියාව සහ ඉනදියාව යන රටවලදී මෙම දුරකථනය මිලදී ගැනීමට හැකිවනු ඇත. 2019 මැයි 15 වන දා ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දෙන මෙම දුරකථනය රු.79,990 කට මිලදීගත හැකි වේ.

දැනටමත් ලොව තරුණ පරපරේ රසික රසිකාවියන් බොහෝ දෙනෙකුට Avengers චරිත සහ එමචරිත වල ගුණාංග ආදර්ශයක් බවට පත්වී ඇත. Marvel Studios’ Avengers: Endgame සමග මෙසේ එක්වී, එම තරුණ රසික රසිකාවියන්ට සමීප වීම OPPO හි ඉලක්කය වී තිබේ. ලොව තරුණ පරපුර වෙත වැඩිවැඩියෙන් සමීප වීම සඳහා මේ ආකාරයට ලොව ජනප්‍රිය නිර්මාණ හා ප්‍රවණතා සමග අත්වැල් බැඳගැනීමට OPPO මීට පෙරද කටයුතු කර ඇත.

(දිනමිණ)

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website