Friday, 17 May 2019 08:56

IIHS ආයතනයෙන් අධ්‍යාපනවේදී උපාධියක්

උසස් පෙළ නිමා කළ සිසුන්ට මෙන්ම පාසල් ගුරුවරුන්ට ජාත්‍යන්තර අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව දැන් IIHS ආයතනයෙන් ලැබේ. මැලේසියාවේ විවෘත විශ්ව විද්‍යාලය සමග එක්ව පවත්වන මේ උපාධි වැඩසටහනෙන් Bachelors in Education (TESL)Ó Bachelors in Teaching yd Bachelors in Early Childhood (Hons. යන උපාධි ලබා ගත හැකිය.

Bachelors in Education TESLඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ ඉහළ දැනුමක් සමග අධ්‍යාපනවේදයට අදාළ විෂයයන් ආවරණය කරන උපාධියකි. මෙමගින් ශ්‍රී ලංකාවේ මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවලද රැකියා අවස්ථා විවර කරයි. එසේම සිසුන්ට මැලේසියා විවෘත විශ්ව විද්‍යාලයට අධ්‍යාපනික සංචාරවල නිරත වීමේ අවස්ථාද සැලසේ. මෙය සාධාරණ හා දැරිය හැකි මුදලකට හඳුන්වා දෙන ජාත්‍යන්තර උපාධි පාඨමාලාවකි. Bachelors in Teaching ප්‍රාථමික හා ද්විතීයික (1 වසර සිට උසස් පෙළ දක්වා) අධ්‍යාපනය ඉලක්ක කරයි. එසේම කාර්යක්ෂමව අධ්‍යාපනය පිළිබඳ තීරණ ගැනීමට, සැලසුම් කිරීමට හා රාජකාරි ඉටු කිරීමට හැකි අධ්‍යාපන ප්‍රධානීන් වීමටද එය සුදුසුය. Bachelors in Early Childhood Education (Hons.පෙර පාසල්වල රැකියාවේ නියුතු හා එවැනි රැකියා බලාපොරොත්තු වන පිරිස ඉලක්ක කරයි.

සියලු උපාධි සඳහා මූලික සුදුසුකම වන්නේ උසස් පෙළ හෝ IIHSපදනම් පාඨමාලාව හදාරා තිබීම හෝ HNDE හෝ පිළිගත් ආයතනයකින් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හදාරා තිබීමය. සියලු ගුරුභවතුන්ට මෙම උපාධි පාඨමාලා වයස් භේදයකින් තොරව විවෘතය. දැනට රැකියා නොකරන නිවසේ සිටින ගෘහණියන්ටද මෙම උපාධි පාඨමාලා හැදෑරිය හැකි වීම සුවිශේෂත්වයකි. සෙසු ජාත්‍යන්තර උපාධි පාඨමාලාවලට සාපේක්ෂව දැරිය හැකි සාධාරණ මුදලකට මේ පාඨමාලා ක්‍රියාත්මකය. මේ උපාධිය සාර්ථකව නිම කරන සිසුන්ට ඕස්ට්‍රෙලියාවේ හෝ යුරෝපයේ ශාස්ත්‍රපති උපාධිය (Mastersහැදෑරීමේ අවස්ථාව හිමි වේ. එසේම ආසියානු කළාපය තුළ රැකියා අවස්ථා සඳහා පහසුවෙන් පිවිසිය හැකිය.

(දිනමිණ)

Education News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website