Saturday, 18 May 2019 09:46

ජපානය ලොව වේගවත්ම බුලට් දුම්රියේ අත්හදා බැලීම් සිදුකරයි

ජපානය එදාමෙදා තුර නිෂ්පාදනය කරන ලද වේගවත්ම දුම්රිය අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර තිබේ.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළි සිදුකරන ජපානයේ මෙම නව දුම්රියට පැයට කිලෝමීටර් 400ක (පැ.සැතපුම් 249ක) වේගයක් ළඟාකර ගත හැකි වෙතැයි අපේක්ෂිතය.

ඇල්ෆා-එක්ස් මාදිලියේ ෂින්කැන්සෙන් දුම්රිය මේ අනුව සිය පරීක්ෂණ ගමන් වාර ආරම්භ කරනු ඇත.

මෙම දුම්රිය වර්ෂ 2030 වනවිට සාමාන්‍ය ධාවනයට එකතු වීමට නියමිත අතර, එහිදී, පැයට කිලෝමීටර් 360ක (පැ.සැතපුම් 224ක) වේගයක් සමග එය ධාවනයේ යෙදෙනු ඇති බවත්, මේ සමගම එය ලොව වේගවත්ම බුලට් දුම්රිය බවට පත්වනු ඇති බවත් සඳහන් වෙයි.

චීනයේ නිෂ්පාදිත ෆියුෂින් දුම්රිය සමග සැසඳීමේදී තරගයක් ලබාදෙන මෙම දුම්රිය ඊට වඩා පැයට කිලෝමීටර් 10ක් වේගයෙන් ගමන් කරනු ඇති බව සඳහන් වෙයි.

මෙම සුවිශේෂී දුම්රිය මැදිරි 10කින් සමන්විත වන අතර, එය ඉතා දීර්ඝ නාසයක් සහිත දුම්රිය එන්ජින් මැදිරියකින් සමන්විත වෙයි.

(අද)

Education News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website