Friday, 24 May 2019 09:36

නවීන තාක්ෂණයෙන් යුත් උමං මාර්ග පද්ධතියක්

අති නවීන තාක්ෂණයෙන් යුත් උමං මාර්ග පද්ධතියක ඉදිකිරීම් කටයුතු මාස දෙකක කාලයක් තුළ ආරම්භ කරන බව අමෙරිකාවේ ජනප්‍රිය ව්‍යාපාරික එලන් මස්ක් අනාවරණය කර ඇත.

එහි වැඩකටයුතු මේ වසර අවසානයේදී නිම කිරීමට නියමිතයි.

අමෙරිකානු ව්‍යාපාරික එලන් මස්ක්ගේ සැලැස්මකට අනුව නිමවන නවීන තාක්ෂණයේ හුවමාරු උමං මාර්ගයේ ඉදිකිරීම් තවත් මාස දෙකක කාලයකින් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

උමං පද්ධතියකින් යුත් මේ ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට නියමිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 48.6කි.

අමෙරිකාවේ ලාස් වේගාස් සම්මේලන මධ්‍යස්ථානයේ විවිධ ස්ථාන එකිනෙක යා කෙරෙන මේ උමං මාර්ගය කොටස් ත්‍රිත්වයකින් යුක්තය.

ඉන් එකක් පදිකයන් සඳහාත්, ඉතිරි උමං ද්විත්වය විශේෂ මෝටර් රථ සඳහාත් වෙන් කර ඇත.

එමඟින් සමස්ත ප්‍රවාහන කාලය 15 ගුණයකින් අවම වනු ඇති බවට සඳහන්ය.

ව්‍යපෘතිය මාස කිහිපයකින් අවසන් කර මේ වසර අවසානයේදී විවෘත කිරීම ඇලන් මස්ක්ගේ බෝරින් සමාගමේ අපේක්ෂාවයි.

(අද දෙරණ)

Education News

Stats

There are 28621 listings, 863 categories and 102 owners in our website