බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 02:26

ලොව පුරා HUAWEI පාරිභෝගිකයන් බිලියන 3කට බලපෑම්

අමෙරිකාව විසින් හුවාවේ සමාගමට පනවා ඇති තහනම හේතුවෙන් ලොව පුරා බිලියන ගණනක පාරිභෝගිකයින්ට බලපෑම් එල්ල විය හැකි බව හුවාවේ සමාගම පවසා සිටියි.



එම සමාගමේ ප්‍රධාන නීති නිලධාරි සෝන්ග් ලියුපින්ග් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම වෙළඳ තහනම හේතුවෙන් අමෙරිකානු සමාගම්වලට මෙන්ම රැකියාවලටද සෘජු බලපෑම් එල්ල වනු ඇති බවයි.

ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණු මුල් කර ගනිමින් චීන සමාගමක් වන හුවාවේ සමාගමට තහනමක් පැනවීමට අමෙරිකාව පසුගියදා පියවර ගනු ලැබුවේය.

කෙසේවෙතත් සිය නිෂ්පාදන හේතුවෙන් ආරක්ෂාවට බලපෑමක් සිදුව නොමැති බව පවසමින් හුවාවේ සමාගම අමෙරිකාවේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

දේශපාලන හේතු මත අමෙරිකාව ගත් මෙම තීරණය හේතුවෙන් ලොව පුරා රටවල් 170 කට අධික සංඛ්‍යාවක සිටින හුවාවේ නිෂ්පාදන භාවිත කරන පාරිභෝගිකයින් බිලියන 3 කට අධික පිරිසක් පීඩාවට පත්වනු ඇති බවයි එම සමාගමේ නීති නිලධාරියා පෙන්වා දී ඇත.

අමෙරිකානු රජයේ මෙම තීරණයට එරෙහිව හුවාවේ සමාගම අධිකරණ ක්‍රියාමාර්ගයක් ද ගෙන ඇත.

(අද දෙරණ)

Education News

කඩදාසි පැළවෙයි...

නොවැම්බර් 19 2019

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website