Tuesday, 11 June 2019 08:49

Huawei ජංගම දුරකතනවලින් Facebook පහසුකමත් ඉවත් කිරීමේ සූදානමක්…!

අලුතින් නිෂ්පාදනය කරන Huawei ජංගම දුරකතනවලින් ෆේස්බුක් පහසුකම ඉවත් කිරීමට එම සමාගම සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ නමුත් ෆේස්බුක් සමාගම අදාළ තීරණය ක්‍රියාත්මක කරන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

අමෙරිකානු රජය විසින් Huawei සමාගම සඳහා පනවන ලද සම්බාධක අනුව පසුගියදා ගුගල් සමාගම ද Huawei ජංගම දුරකතනවලින් සිය යෙදවුම අවහිර කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව යමින් ෆේස්බුක් සමාගමද මෙම පියවර ගෙන ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.‍

කෙසේ නමුත් Google සේවා අවහිර කිරීම සම්බන්ධයෙන් Huawei සමාගම පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ගෝලීයව සියලු පරිශිලකයන් සදහා ඉතා හොඳ අත්දැකිමක් ලබා දිම සදහා ඉදිරියේදි හුවාවේ සමාගම විසින් සුරක්ෂිත සහ තිරසාර මෘදුකාංග පද්ධතියක් ගොඩනැගීමට කටයුතු කරනු ලබන බවයි. එසේම ශ්‍රි ලංකා වෙළදපල තුළ දැනට පවතින හුවාවේ ස්මාර්ට් ජංගම දුරකථන සදහා අඛණ්ඩව සිය සහය ලබා දෙන බවද Huawei සමාගම නිවේදනය කළා.

(අපේ රට)

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website