Thursday, 11 July 2019 03:35

Nova 3i සමගින් Huawei වසර මැද වට්ටම් තවත් සුවිශේෂී වෙයි

Huawei සමාගම සිය නවතම Huawei Y සහ Nova 3i මාදිලි පෙළ සඳහා විශේෂ මිල ගණන් මෙන්ම ඩයලොග් සහ මොබිටෙල් වෙතින් ආකර්ෂණීය දීමනා ද හඳුන්වා දී ඇත. මෙම සුවිශේෂී  දීමනාව Huawei Nova 3i, Y9 2019, Y7 Pro 2019, Y6 Pro 2019 සහ Y5 Lite යන ජංගම දුරකථන සඳහා අදාළ වේ.  FullView දර්ශන තිරයකින්, දැකුම්කළු නිමාවකින් සහ අසමසම වර්ණ කිහිපයකින් ලබාගත හැකි Huawei Y 2019 මාදිලි පෙළට අයත් ජංගම දුරකථන, GPU turbo තාක්ෂණය, විශිෂ්ට දර්ශන තිරයකින් සහ ද්විත්ව කැමරා මඟින් තත්වයෙන් උසස්  ඡායාරූප ලබාගැනීමේ හැකියාවෙන් යුක්ත Huawei nova3i ජංගම දුරකථනයන් මෙම සුවිශේෂී දීමනාව තුළින් මිලදී ගත හැක.

මෙම දීමනාව යටතේ පසුපස සහ ඉදිරිපස ද්විත්ව කැමරා සමග 128GB මතක ධාරිතාවකින් සමන්විත Nova 3i ජංගම දුරකථනය රු 44,999/= ක් වැනි අසමසම මුදලකට ලබා ගත හැකි අතර Y9 2019 ජංගම දුරකථනය රු 38,999/= වැනි ආකර්ශනීය මිලකට ලබා ගත හැක.  Y5 Lite ජංගම දුරකථනය රු. 13,999/= කට ඩයලොග් වෙතින් හිමිවන රු. 3000 ක අමතර මුදල් ආපසු ලබාදීමේ දීමනාව ද සමගින් මිලදී ගත හැකිය. ඊට අමතරව, Huawei Y6 Pro 2019 ජංගම දුරකථනය රු. 23,999 කට මිලදී ගත හැකි අතර ඒ සඳහා මොබිටෙල් වෙතින් නොමිලේ කතා කාලයක් සහ දත්ත පැකේජයක් ද හිමි වේ.

කැමරා පහසුකම් අතින් ගත් කල Huawei  nova3i ජංගම දුරකථනය 16MP – 2MP පසුපස ද්විත්ව කැමරා  සහ  24MP-2MP ඉදිරිපස ද්විත්ව කැමරා සහිතව නිපදවා ඇත. මෙම ජංගම දුරකථනය  සුපිරි AI තාක්ෂණය මෙම කැමරා සඳහා හඳුන්වා දී ඇත්තේ ලෝකයේ ස්මාර්ට්ෆෝන් කැමරා තාක්ෂණය නව මානයකට යොමු කරමිනි. එමගින් ඡායාරූපයක් ලබාගැනීමේදී සුපිරි AI තාක්ෂණය මිනිස් මොළයට වඩා වේගයෙන් ක්‍රියාත්මක වෙමින් වඩා  නිවැරදිව සහ විචිත්‍රත්ව  ඡායාරූප ලබාගැනීමට උපකාරී වෙයි. මෙම AI තාක්ෂණය මගින් ඕනෑම ආධුනික ශිල්පියෙකුට ඉහත ගුණාංග සහිතව ඡායාරූප ලබාගැනීම පහසු කරවයි. විවිධ ආලෝක තත්වයන් යටතේ, විවිධ ස්ථාන වල, විවිධ කාලගුණික තත්වයන් යටතේ  උසස් තත්වයේ ඡායාරූප ලබාගැනීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.

සාමාන්‍ය  කැමරාවක් පරිහරණය කිරීමේ තාක්ෂණික සැකසුම් ක්‍රියාවලිය  පිලිබඳ මනා අවබෝධයක් මෙම Huawei  Nova3i ජංගම දුරකථනය  භාවිත කිරීමේදී අවශ්‍ය නොවන අතර  එහි ඇති AI තාක්ෂණය විසින් ඒ ඒ ඡායාරූපයට අදාළ තාක්ෂණික සැකසුම් ස්වයංක්‍රියව සකසා ගනිමින් නිර්මාණශීලී ව ඡායාරූපය ලබාගැනීමට අවශ්‍ය   කටයුතු සකසා දෙයි.

Nova3i සහ Y මාදිලි පෙළෙහි ඇති ඉහල ක්‍රියාකාරීත්වය සහ බහුකාර්ය හැකියාව සඳහා ගෝලීය විශ්ලේෂකයන්ගේ නොමඳ පැසසුමට ලක් වී ඇත. Huawei Y මාදිලි පෙළ එහි අනෙකුත් තරගකාරී මාදිලි සියල්ලට වඩා විශාල බැටරි බලයකින් ද සමන්විත වේ. Huawei Y මාදිලි පෙළෙහි ඇති කෘතීම බුද්ධිමය තාක්ෂණය නිසා අඩු ආලෝක තත්ත්ව යටතේ වුව ද කඩිනමින් සහ ආරක්ෂිතව Face Unlock පහසුකම භාවිත කළ හැකිය. තවද, Y9 2019 මාදිලියේ එන කැමරාව ද කෘතීම බුද්ධිමය තාක්ෂණයෙන් බලගන්වා ඇති අතර එමගින් ස්වයංක්‍රියව අදාළ වස්තුව හෝ පසුතලය හඳුනා ගනිමින් වඩාත් සුපැහැදිලි ඡායාරූප ලබා දෙයි.

"නව තාක්ෂණය පාරිභෝගිකයින් වෙත පිරිනැමීමේ නොනවතින ගමනක Huawei නිරතව සිටිනවා.  වසර පුරාවට ශ්‍රී ලාංකිකයින් විසින් Huawei ජංගම දුරකථන සදහා විශේෂ කැමැත්තක් දක්වනවා සේම දැඩි ඉල්ලුමක් ද පවතිනවා. Huawei කෙරෙහි තැබූ එම විශ්වාසය සදහා ඔවුනට කෘතඥතාව පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. මෙම වසර මැද දීමනාව නිසා වැඩි පාරිභෝගිකයන් පිරිසකට Huawei nova3i සහ  Y මාදිලි පෙළෙහි ඇති විශිෂ්ට තාක්ෂණය සහ අසමසම භාවිත අත්දැකීම අත්විඳීමේ අවස්ථාව උදා වනවා. සියලු ම Huawei අත්දැකීම් මධ්‍යස්ථාන, සිංගර් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්, තෝරාගත් ඩයලොග් සහ මොබිටෙල් මධ්‍යස්ථාන වලින් මෙම දීමනාව හිමිකර ගන්නා ලෙස අප සියලු ස්මාර්ට් ජංගම දුරකථන පාරිභෝගිකයන්ට ආරාධනා කර සිටිනවා" යනුවෙන් Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා ප්‍රකාශ කළේය.

(අද දෙරණ)

Education News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website