Thursday, 01 August 2019 01:26

පැය 12ක් නොනවත්වා පියාසර කරන්න පුළුවන් ගුවන් යානයක්

පැය 12ක කාලයක් නොනවත්වා ගමන් කරවිය හැකි සූර්ය බලයෙන් ක්‍රියාකරන ගුවන්යානාවක් සාර්ථකව ගුවන්ගත කිරීමට චීනය පසුගියදා සමත්විය.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක ගුවන්යානාවක් ගුවන්ගත කිරීමට චීනය පසුගියදා කටයුතු කළේය.

මෝසී ටූ ලෙසින් නම් කර ඇති එම ගුවන්යානාව මිනිසුන් රහිත යානාවක් වීම විශේෂත්වයක්.

නැගෙනහිර චීනයේ ඩෙකින් ගුවන්තොටුපො‍ළෙන් යානාව ගුවන්ගත කෙරුණු අතර අත්හදාබැලීම ඉතාමත් සාර්ථක වූ බව විදෙස් වාර්තා පවසයි.

යානාවේ තටු මීටර් 15ක දිගින් යුතුවන අතර, ඒවා සූර්ය බල ශක්තියෙන් බල ගන්වා තිබේ.

උපරිමය අඩි 8 000ක් තරම් ඉහළ අහසට යොමුකළ හැකි ගුවන්යානයට අඩු වේගය යටතේ පැය 12ක කාලයක් නොනවත්වා පියාසර කරවීමේ හැකියාවද සහිතයි.

සූර්ය ශක්තියෙන් බලගැන්වූ පළමු යානාව චීනය විසින් 2016 වසරේදී නිපදවූ අතර එය නම්කෙරුණේ මෝසී වන් ලෙසයි.

යානාව ආපදා සහනසේවා, සංහිදියා ක්‍රියාදාමය හා සන්නිවේදන අවශ්‍යතා සදහා යොදාගැනීමට හැකි බවත් විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

(අද දෙරණ)

Education News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website

අමතන්න

+94 777 303 270