Monday, 12 August 2019 07:32

උගුරට හොඳ ලුණු වතු­ර

උගුරට අපහසුවක් දැනුණුවිට අප සාමාන්‍යයෙන් කරන්නේ, ලුණු වතුරෙන් උගුර සේදීමයි. අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි ලුණු වතුරෙන් උගුර සේදීම මඟින්, ඔබගේ මුඛයේ ඇති ශරීරයට හානිකර ක්ෂුද්‍ර ජීවින් ඉවත් වේ. මේ, ලුණු වතුරෙන් උගුර සේදීමෙන් ලැබෙන වාසි කිහිපයකි.

අසාත්මිකතා සඳහා – සෙම් ආශ්‍රිත ආසාදන සහ උගුරේ ඇතිවන තුවාල මෙන් ම, උගුර වියළීම සඳහා ද ලුණු වතුර යෝග්‍ය ය.

ශ්වසන පද්ධතියේ අපහසුතා සඳහා – ලුණු වතුර මඟින් ශ්වසන පද්ධතියේ ඇති වෛරස නිසා ඇතිවන බැක්ටීරියා ඉතා පහසුවෙන් ඉවත් වේ. එමඟින්, කෝටරකවල සිරවී ඇති සෙම නිසා ඇතිවන වේදනා තත්ත්ව ඉක්මනින් පහ වේ.

මුඛයේ වණ - මුඛයේ වණවල ඇති වේදනා තත්ත්ව සමනය කර ගැනීම සඳහා, ලුණු වතුරෙන් මුඛය සේදීම වඩාත් යෝග්‍ය ය. මැළියම් ඉවත් කර, දත්වල ශක්තිමත් භාවය වර්ධනය කර ගැනීමට මෙන් ම, දත්වල ඇති කුහර අවම කර ගැනීම සඳහාත් ලුණු වතුර උපකාරී වේ.

මේ සඳහා අවශ්‍ය ලුණු වතුර සාදා ගන්නේ මෙසේ ය. උණු වතුර අවුන්ස 8 කට, ලුණු මේස හැදි භාගයක් එකතු කරන්න. මේ ජලය උගුරට ගෙන, හැකි තරම් වේලාවක් යනතුරු උගුර සෝදන්න. මේ ආකාරයට දිනකට දෙවරක් ලුණු වතුරෙන් මුඛය සෝදා ගන්න. ඔබ කැමැති නම් සහ හැකිනම්, ඊට වඩා වැඩි වාර ගණනක් වුව ද මුඛය සෝදා හැරීම සුදුසු ය.

(Dinamina)

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website