Friday, 16 August 2019 07:44

ශ්‍රී ලංකාවේ කාර් එකක් හදන්න මට හීනයක් තිබුණා

අයිඩියල් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම


ඉන්දියානු මහේන්ද්‍රා සමාගම හා මෙරට අයිඩියල් ව්‍යාපාර සමූහයේ එකතුවෙන් ආරම්භ කරඇති මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාව(17)කළුතර වැලිපැන්න ප්‍රදේශයේදී නිල වශයෙන් සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට නියමිතය.මෙරට මෝටර් රථ කර්මාන්තයේ නව පරිචිඡේදයක් ඇරඹෙන අනභිභවනීය අවස්ථාවක්වන මෙය ‍ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හා ඉන්දු ශ්‍රී ලංකා සමිභාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතවේ.‍අයිඩියල් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම මහතා සමඟ කළ මෙම සංවාදය ඒ නිමිත්තෙනි.

වාහන එකලස් කිරීමේ කර්මාන්තයත් මෙම නව කර්මාන්ත ශාලාවත් අතර වෙනස කුමක්ද?

මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ ආරම්භකයා වන්නේ උපාලි විජේවර්ධනයි.එතුමා හැට හැත්තෑව දශකවල ආරම්භ කළ උපාලි ෆියට් සහ උපාලි මැස්ඩා රථ ඒ කාලයේ මෙරට ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූණා. නමුත් ඒ කර්තව්‍යන් එම වාහන එකලස් කිරීමේ කර්මාන්තය නැවතීම නිසා අවසන් වූණා. එතැනදී වෙන්නේ වෙනත් රටක අවශ්‍යතාවන් හා වෙනත් රටක පාරිභෝගික ඉල්ලුමට සරිලන වාහනයකට අවශ්‍ය සියලු කොටස් මෙරටට වෙන් වෙන් වශයෙන් ගෙන්වා , මෙරටදී සවිකිරීමයි.නමුත් වාහනයක් නිෂ්පාදනය කිරීම යනු සංකීර්ණ ක්‍රියාවලියක්.වාහනයක් නිපද වන්කේ පාරිභෝගිකයා පිළීබඳව ඔහුගේ අවශ්‍යතා පිළීබඳව කරනු ලබන පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාදාමයක් ඔස්සේයි.එහිදී පාරි‍භෝගිකයාට අවශ්‍ය (NCUP RATING)ආරක්ෂිත හා සුවපහසු බව ආදිය පිළිබඳව,සැලකිලිමත් වියයුතු වෙනවා.

MAHINDRA IDEAL LANKA සමාගම ආරම්භ කෙරෙන්නේ මහේන්ද්‍රා සමාගමෙත් අඩියල් සහාගමෙත් කොටස් හිමිකාරීත්වය අනුවයි. මේ සඳහා ඉන්දීය මහේන්ද්‍රා සමාගමේ මූල්‍ය ආයෝජනයක් මෙන්ම තාක්ෂණික හුවමාරුවක් සිදුවෙනවා.(technical transfer )මෙම ආයෝජනයේ පවතින විශේෂත්වය වන්නේ වාහනයේ උපාංග අතරින් 35% පමණ මෙරට නිෂ්පාදිත දේශීය උපාංග වීමයි.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් මෙන්ම අප්‍රිකාවෙහි මෙන්ම,ඇමරිකාවේ සුපිරි කාර්මික නගරය වන "ඩිට්රොයිඩි" හී ස්ථාපිත සමාගමක් වන මහේන්ද්‍ර මෙරට කර්මාන්ත ශාලාවක් ඇරඹීමට එකඟවීම සුවිශේෂී පෙලඹවීමක්?

අපි මහේන්ද්‍රා සමාගම සමඟ වැඩ කිරීම ආරම්භ කළේ 2009 දෙසැම්බර් පළමු වැනිදා සිටයි.2010වසරේදී මහේන්ද්‍රා සමාගමේ සභාපති ආනන්ද් මහේන්ද්‍ර මහතා ලංකාවට පැමිණියා.ඔහු යෝජනාවක් කළා වසරකදී මහේන්ද්‍රා වාහන 10000ක් මෙරට ලියාපදිංචි කරන ලෙස ඒ වන විට අපි අලෙවි කරමින් සිටියේ වාහන 1500ක වැනි ප්‍රමාණයක් ඔහු පැවසුවේ" මම ඔබගේ වෙළෙඳපොළ පිළිබඳව හොඳින් අධ්‍යනයකර තිබෙන්නේ..ඔබට එම ඉලක්කය සැපිරිය හැකියි." එවිට මගේ ප්‍රශ්නය වූයේ එසේ කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද යන්නයි. "ඔහු විශ්වාසයෙන් යුතුව පැවසුවේ මා අපේක්ෂා කරන ඕනෑම ආකාරයක ව්‍යාපාරික සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි.ඒ අනුව 2011,2012වසර දෙකේදිම 10000 සීමාව ඉක්මවා යාමට අපි සමත් වුණා.ඒ අනුව ආනන්ද් මහේන්ද්‍ර මහතා ලංකාවට පැමිණි අවස්ථාවේ මම ආයතන දෙකෙහි එකතුවෙන් වාහන නිෂ්පාදනය පිළිබඳ යෝජනාව ගෙන ආවා. ඔහු මගේ යෝජනාව පිළිගෙන ඒ සඳහා අවශ්‍ය වන මූලික අඩිතාලම සකසා ගත්තා . ඒ අනුව අපගේ කාර්මික ශිල්පීන් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් කරුණු අධ්‍යයනය කිරීම ආරම්භ කළා.ඔවුන්ගේ උපදේශක කණ්ඩායමක් මෙර‍ට පැමිණීයා.කෙසේ වෙතත් බාධක මධ්‍යයේ මේ ක්‍රියාදාමය කාලයක් තිස්සේ පැවතුණා . අවසානයේ නිසි එකඟතාවයකට පැමිණීමට සමත්වුණා.ඒ අනුව අපි කළුතර වැලිපැන්නෙහි අක්කර 65ක භූමි ප්‍රමාණයක් මේ වෙනුවෙන් වෙන් කරලත්තා එහි අක්කර 6ක ප්‍රදේශයක් කර්මාන්ත ශාලාව සඳහා වෙන්කොට තිබෙනවා.

මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ මොනවාද?

මහේන්ද්‍රා සමාගම 2016 දී නිෂ්පාදනය කළා, kuv 100 රථය එය ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය වූණා.විශේෂයෙන් තරුණ පරම්පරාවේ ජනප්‍රිය වාහනය බවට පත්වුණා.අපගේ යෝජනාව වූයේ ලංකාවට සරිලන අයුරින් එය මෙරට නිෂ්පාදනය කිරීමයි.එහි ඉඩකට පෙනුම මෙන්ම සුව පහසුව අතින් ඉස්තරම්ම මට්ටමේ පවතින එන්ජින් ධාරිතාව 1200 cc බලයකින් යුත් මෙම පෙටිට්‍රල් වාහනය මෙරට නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව ශ්‍රි ලංකික පාරි‍භෝගිකයන් වෙත ලබා දීමට අපේක්ෂා කරන්නේ ලක්ෂ 33ක් වැනි මුදලකටයි.

මෙම රථය සඳහා භාවිත කිරීමට අපේක්ෂිත දේශීය උපාංග මොනවාද?

වාහනය සඳහා අවශ්‍ය ආසන නිෂ්පාදනය කරන්නේ accolad pvt ltd සමාගමයි.මේ සමාගමේ හිමිකරු වන්නේ ඩිමන්ත ජයවර්ධන මහතායි. අපි මහේන්ද්‍රා සමාගමට මේ මහතාව හඳුන්වාදුන්නා. ඔවුන් පැමිණ accolad සමාගමේ කටයුතු නිරීක්ෂණය කළා. ඔවුන්ගේ අදහස වුණේ එහි නිෂ්පාදන තත්ත්වය දේශීය අවශ්‍යතාවට සරිලන මට්ටමේ පැවතියත් ජාත්‍යන්තර මට්ටමට පත්කළයුතු බවයි .ඒ අනුව accolad සමාගම ඉන්දියාවේ තිබෙන MEGNA ජාත්‍යන්තර ආසන නිෂ්පාදනය කිරීමේ සමාගම සමඟ සම්බන්ධ කළා.අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතුව ආසන නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදුන්නා . ඒ අනුව accolad pvt ltd සමාගම මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ ආසන නිර්මාණය කිරීමට හැකි තත්ත්වයට පත්වී තිබෙනවා. අපට අවශ්‍ය නිෂ්පාදනය කිරීමට අමතරව ඩිමන්ත ජයවර්ධන මහතාට වෙනත් රටක ඇනවුම් වුවත් ලබා ගෙන තම නිෂ්පාදන කළ හැකිය. ඉන්දියාවේ වාහන කර්මාන්තය කේන්ද්‍රවී තිබෙන්නේ මදුරාසිය ප්‍රදේශයේයි.මදුරාසිය කියන්නේ අපිට ඉතාම සමීප ප්‍රදේශයක් .ඔවුන් වාහන වලට අවශ්‍ය ආසන වැනි උපාංග ඇතැම්විට දිල්ලි ප්‍රදේශයටත් ඉහළ ප්‍රදේශ වලින් ගෙන්වනවා. ප්‍රවාහණ කටයුතු දුම්රියෙන් සිදු වුවත් දින තුනකටත් වැඩි කාලයක් ගත වෙනවා.නමුත් ලංකාවේ අපි මේ වෙළෙඳපොළ පිළිබඳව සිතන්නේනම් ඉන්දු ශ්‍රි ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඇසුරින් විශාල ‍ව්‍යාපාරික අවස්ථාවක් හිමිකර ගත හැකිවේවි.

මීට අමතරව අපි වාහනයට අවශ්‍ය ටයර් නිෂ්පාදන කටයුතු පවරා ඇත්තේ මෙරට"සියැට්" ආයතනයට.වාහනයට අවශ්‍ය බැ‍ටරි" එක්සයිඩි" ආයතනය විසින්නිෂ්පාදනය කරනවා.මෙහි දුම්බටය නිෂ්පාදනය කරන්නේ" මොඩිකොම්"සමාගමයි ඉතා කුඩා ආයතනයක් වුනත් ඔහු ගේ වැඩවල ඇති උසස් නිමාව පිළිබඳව සලකා මෙම කර්තව්‍ය ඔහුවෙත පැවරුවා.ඊට අවශ්‍ය දැනුම පුහුණුව ලබාදී දිරිගැන්වීම් කරනු ලැබුවා.මීට අමතරව රේඩියේටරයත් මෙරට නිෂ්පාදනය කිරීමේ අනාගත අපේක්ෂාවක් තිබෙනවා.

මෙම කර්මාන්ත ශාලාව පරිසර හිතකාමී අන්දමින් ස්ථාපිත කොට තිබෙන බවට සඳහන් වුණා?

වර්ග අඩි 65000ක් විශාල මෙම කර්මාන්ත ශාලාවෙහි වහලය පුරා සුර්ය කෝෂ සවිකර සකසා තිබෙනවා.වැසි ජලය එක්වන්නේ කර්මාන්ත ශාලාව සමීපයේ සකස් කර ඇති වැවටයි කර්මාන්ත ශාලාවට අවශ්‍ය ජලය මේ මඟින් ලබා ගැනීමටයි සැලසුම් කර තිබෙන්නේ.මීට අමතරව කර්මාන්ත ශාලාව ඉදිකිරීම හේතුවෙන් විනාශ වු එක ගසක් වෙනුවෙන් ගස් තුනක් සිටුවීමයි අපගේ දැක්මවී තිබෙන්නේ.අක්කර හැට පහකින් යුත් කර්මාන්ත ශාලාව සහිත භූමියෙහි කුළුබඩු උද්‍යානයක් නිර්මාණය කිරීමටත් අපේක්ෂා කරනවා .කාබන්වලින් තොර ප්‍රදේශයක් ලෙසයි කර්මාන්ත ශාලා පරිශ්‍රය නිර්මාණය කර තිබෙන්නේ.

මෙය ව්‍යාපාරික අභියෝගයක් ලෙස හැඟෙන්නේ නැතිද? ඇත්තටම අභියෝගයක්.මම කැමති අභියෝගවලට.එපමණක් නොවෙයි රටට යම් යුතුකමක් ඉ‍ටුකළ යුතුයැයි මම විශ්වාස කරනවා. මේ ඒසඳහා ලද මහඟු අවස්ථාවක් ලෙසයි මා සලකන්නේ.

(Dinamina)

Education News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website