Saturday, 07 September 2019 12:22

අධි සංවේදී කලාපය උග්‍ර පරිසර අර්බුදයක

ලෝක උරුම නකල්ස් අධි සංවේදී කලාපයට කැළි කසළ බැහැර කිරිම් වැඩිවීමත් සමග බරපතළ පාරිසරික ගැටලු රැසක් පැනනැගී ඇතැයි මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරිහු අවධාරණය කරති.

අධි සංවේදී පරිසර පද්ධතියකට හිමිකම් කියන ලොව වලාකුළු වනාන්තර අතරින් ප්‍රමඛස්ථානයක් ගන්නා නකල්ස් රක්ෂිත ප්‍රදේශයට දෛනිකව පැමිණෙන සංචාරකයන් විසින් නොදිරන අපද්‍රව්‍ය බැහැර කිරිම සිදුකරන බව රාජ්‍ය නිලධාරිහු පෙන්වා දෙති. ලග්ගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවති දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ ක්‍රියාකාරකම් දැනුවත් කිරිම සදහා පැවති රැස්වීමට එක්වු රාජ්‍ය නිලධාරින් රැසක් මේ සම්බන්ධයෙන් අදහස් පල කළහ.

සම්ප්‍රේක්ෂණ කුලුනු සදහා ගමන් ගන්නා පිවිසුම් මාර්ගය ආසන්නයේ පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි පුවරුවක් සවිකිරිම, කසළ බැහැර කිරිම් මගින් සිදුවන පාරිසරික හානි සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරිම සම්බන්ධයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදී කාරණා සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක විම වැදගත් බව ද මෙහිදි අවධාරණය කෙරිණි. ලග්ගල ප්‍රාදේශිය ලේකම් පියල් ජයසූරිය, දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් කණහැර ආරච්චි මහත්වරු ඇතළු ලග්ගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ග්‍රාම නිලධාරින් ඇතුළු සංවර්ධන නිලධාරිහු රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

(Dinamina)

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website