සදුදා, 21 ඔක්තෝබර් 2019 09:36

රස­ ගුණ සුවඳ සුදු­ලූණු

අප ආහාරයට ගන්නා සුදුලූනු ඖෂධීය හා පෝෂණීය ආහාරයකි. විශේෂයෙන් ආහාර රස කිරීමට යොදා ගන්නා සුදුලූණු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඖෂධයකි.

සුදුලූනුවල Flavanolds අඩංගු වේ. ප්‍රධාන රසායනික ද්‍රව්‍ය වන්නේ Allicin ය. එය ප්‍රබල Antioxidait (ප්‍රතිඔක්සිකාරකයකි). එම නිසා මෙහි කොලෙස්‍ටරෝල් නසන ගුණය ඇත. තවද ඔක්සිඩේටිව් Load එක අඩුකරන නිසා දියවැඩියාවටද ගුණදායක ය.එහි Magnecium (මැග්නීසියම්) සාපේක්ෂව වැඩිනිසා මාංශපේශි වර්ධනයට ඉතා හොඳ ය. Calcium (කැල්සියම්) ද වැඩි නිසා අස්ථි වර්ධනයට ඉතා කදිම ය.

උගුර වණ වූ විට, බැක්ටීරියාවලින් ආසාදනය වූ විට එය සුව කරයි.

Astringert effect හෙවත් උගුර,නාසය ශීත කරන ගතියක් ඇත. එය වැදගත් වන්නේ කැස්ස, මුඛ කුහර ආස්තරය වණ වූ විට යන අවස්ථාවල ය.

ගුදමාර්ගයේ පිළිකා හා ගර්භාෂ පිළිකා නසන ගුණයක්ද මෙහි ඇත.

වයසට යාම පමා කිරීම සහ තාරුණ්‍යය ආරක්ෂා කරගැනීම යනාදියටද මෙම සුදුලූනු ගුණදායක ය.

වැඩිපුර අමු සුදුලූනු ආහාරයට ගත්විට gastric ulcers (ආමාශයේ තුවාල) සහ උගුර වණ වේ.

සුදුලූනු ආහාරයට ගැනීමේදී අප සැලකිය යුතු කරුණු

සෑම හොද්දකටම සුදුලූනු ගෙඩි (බික්) 03 බැගින් දමන්න.

සුදුලූනු සුවඳ කාරකයක් ලෙස ආහාර පිළියෙල කිරීමේදී යොදා ගනී. විශේෂයෙන් දුන්තෙල් බත් පිළියෙල කිරීමේදී රසකාරකයක් ලෙසද සුවඳ කාරකයක් ලෙසද යොදා ගනී.

සුදුලූනු හොද්ද දානමය කටයුතුවලදී හාමුදුරුවන්ගේ ප්‍රධාන ආහාරයකි. නමුත් දිනපතා කෑම අගුණය.

සුදුලූනු වියළා කුඩුකර පැකට් කර වෙළඳපොළේ තිබුණත් ඒවා කල් තබාගන්නා රසායනික ද්‍රව්‍ය දමා ඇති බැවින් සැමදා ආහාරයට ගැනීමෙන් වළකින්න. හැකිතාක් දුරට අමු නැවුම් සුදුලූනු පාවිච්චි කරන්න

පැණි සුදුලූනු - සුදුලූනු කල් තබා ගැනීමේදී එහි ගබඩා කරන ලද ග්ලූකෝස් පිෂ්ඨය සරල සීනි බවට පත් වී සහ එන්සයිමටික් බ්‍රවුතික් සිදුවීම නිසා පැණි රස වේ. මේවා පැණි උණුකර බහා තැබීමෙන් කල්තබා ගත හැක.

(Dinamina)

Education News

කඩදාසි පැළවෙයි...

නොවැම්බර් 19 2019

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website