Education News

වාර අවසාන විභාගයේ ප්‍රගති වාර්තාව නිවසට රැගෙන ආ නිලුෂි, ඒ මොහොතේ සිට සිටියේ තම කාමරයට වැදීගෙනය. ප්‍රගති වාර්තාව පුරාම පොල් ගෙඩි අකුරුවලින් ලියා ඇති බිංදු ගණන් අම්මාට පෙන්නන්නට බියේ ඇය එදා දවසම සිටියේ හොර ගල් අහුලමින්ය.

ලෝක උරුම නකල්ස් අධි සංවේදී කලාපයට කැළි කසළ බැහැර කිරිම් වැඩිවීමත් සමග බරපතළ පාරිසරික ගැටලු රැසක් පැනනැගී ඇතැයි මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරිහු අවධාරණය කරති.

Huawei සමාගම ඉදිරියේදී නිෂ්පාදනය කරන ස්මාර්ට් ජංගම දුරකතන Google Maps සහ YouTube ආදී ගූගල් සමාගමට අයත් යෙදවුම්වලින් (apps) තොරව වෙළෙදපළට නිකුත් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය විසින් නව නිපැයුම් සඳහා ප්‍රදානය කරනු ලබන පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට රත්ගම බෝපගොඩ බි ලෝරන්ස් ද සිල්වා සමත් වී තිබේ. ඒ, කාබනික දියර පොහොර නිෂ්පාදනයක් වෙනුවෙනි.

නාඋල, ‘බොබැල්ලේ’ දී හමුවන ‘බිනර ශාක විශේෂය’ වැවෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ විතර ය. ලංකාවේ කීවාට, මෙතෙක් එය හමුවී තිබෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාඋල ‘බොබැල්ල’ ගම් පියසෙන් පමණකි. එය ද, අක්කර භාගයකට පමණ සීමාවූ භූමියක ය. ළා නිල් පැහැති පෙති හතරේ අලංකාර මලක් පුබුදන බොබැල්ලේ බිනර විශේෂය, කොපමණ වෙහෙස වුව ද බොබැල්ල ගමෙන් පිටත කිසිදු ස්ථානයක පැළ කර ගන්නට ද නුපුළුවන. එය සෙන්ටිමීටර් 30ක් පමණ උස (අඩියක් පමණ) කුඩා සපුෂ්පික ශාකයකි. සාමාන්‍යයෙන් ලංකාවේ අනෙකුත් බිනර ශාක විශේෂවල මල් පිපෙන්නේ ‘බිනර’ හෙවත් සැප්තැම්බර් මාසයේ ය. එහෙත් බොබැල්ලේ බිනර, මලින් පිරී යන්නේ සාමාන්‍යයෙන් අප්‍රියෙල් මාසයේ අග භාගයේ පටන්, මැයි සහ ජූනි මාසවල ය.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගගනගාමිනියක් තමාගෙන් වෙන්ව සිටින සහකාරියගේ බැංකු ගිණුම වෙත ප්‍රවේශ වී ඇති බවට එල්ල වන චෝදනාවක් සම්බන්ධයෙන් නාසා ආයතනය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඇමසන් හදවත වෙළාගත් ගිනි දැල් බුර බුරා නැගෙමින් තිබේ. වනාන්තරයේ තැන තැන ගිනි ගැනීම් දහස් ගණනක් සිදුව ඇති අතර මෙම ව්‍යසනය දශකයක් තුළ වාර්තා වූ දරුණුතම ගිනි ගැනීමය.

ලංකාවට ආවේණික කොටියා ගැන කියද්දී අපට සිහිවන්නේ ඒකචාරී දඩයම්කරුවෙකි. රංචු පිටින් යෑමේ පුරුද්දක් කොටියාට කවදාවත්ම නැත. රංචු ලෙස සිටින්නේ නම් ඒ ගැහැනු සතුන් සහ පැටවුන් පමණි. මුවන්, වල් ඌරන්, වඳුරන් කොටියාගේ ගොදුරුය. දවසේ වැඩි හරියක් අලසව කාලය කා දමන්නට කැමැති මෙම සත්ත්වයා ඉතා කුසගින්නේ සිටින්නේ නම් දඩයමක් ඩැහැගැනීමේ වැඩි ජවයකින් යුතුය. පලු, සියඹලා වැනි ගහක දෙබලයකට වී දවසක් වුව ගොදුරක් ලැබෙන තුරු බලා සිටීමට කොටියා සමත්ය. විටෙක කැමරා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින් කොටියා ආපසු හැරෙන්නේ එක තැන පැය හතර පහක් අලසව ගෙවා දමායි.

සෞරග‍්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි නව ග‍්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට ශී‍්‍ර ලාංකික විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

අයිඩියල් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website